தமிழ்
English
Contact
Friday 22nd November 2019    
ආපහු කවදාවත් එජාපයට යන්නෙ නැහැ - වසන්ත සේනානායක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ආපහු කවදාවත් එජාපයට යන්නෙ නැහැ – වසන්ත සේනානායක



කෙනෙහිළිකම් කැපිලි කෙටිලි ඉවසීමේ සීමාවක් පවතින බවත් නැවත කිසිම දිනක එජාපයට යාමේ සුදානමක් නොමැති බවත් වසන්ත සේනානායක පවසයි. ‘අද දිනය තුළ රට බලාපොරොත්තු වන ඒ දේශපාලන තීන්දුව ගන්නවා’ යැයි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක පවසයි.

ජනපතිවරණ සමයේ සජිත් ප්‍රේමදාස ජයග්‍රහණයෙන් ඇත්වෙමින් සිටින බවද, ගෝඨාභය රාජපක්ෂ යටතේ ඉදිරියේම සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසා ඇත.

තමා පක්ෂය හැරගිය හැමවාරයකදීම රිෂාඩ්, හකීම්, සුමන්තිරන් මෙන්ම රාජිත, රවී,ජෝන් ඇතුළු කණ්ඩායම තම නිවසට වරින්වර එවා ලබාදුන් පොරොන්දු, කළ කී දෑ සිදුකළ සාකච්ඡා පිළිබඳ ආන්දෝලනාත්මක හඬ පට හා සීසිටිවී දර්ශන රැසක් තමන් සතුව ඇතැයි ද ඔහු මෙහිදී අනාවරණය කර තිබේ.