தமிழ்
English
Contact
Friday 16th November 2018    
ආරක්ෂක වැය ශීර්ෂ ප්‍රමාණාත්මකව සංවර්ධන ප්‍රමුඛතාවලට ගැලපෙන්නේ නැත! - එක්සත් ජාතින්ගේ ව්ශේෂ නියෝජිත | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ආරක්ෂක වැය ශීර්ෂ ප්‍රමාණාත්මකව සංවර්ධන ප්‍රමුඛතාවලට ගැලපෙන්නේ නැත! – එක්සත් ජාතින්ගේ ව්ශේෂ නියෝජිත



ලංකාවේ ආණ්ඩුව ආරක්ෂක වැයශීර්ෂ සම්බන්ධයෙන් යළි සමාලෝචනයක යෙදිය යුතු බව මේ දිනවල ලංකාවේ නිරීක්ෂණයක යෙදී සිටින ‘ණය සහ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත‘ පැබ්ලෝ බොහොස්ලව්ස්කි ප්‍රකාශ කරයි.

සැප්තැම්බර් 3 වැනිදා මෙරටට පැමිණි ඔහු දින නවයක කාලයක් මෙරට රැඳි සිටිමින් මෙරට ආර්ථික කටයුතු හා රාජ්‍ය ප්‍රතිපත්ති සම්බන්ධ අධ්‍යයනයක නිරත විය. ආසන්න කාලයේදී ලංකාව විසින් සාමය සහ ආර්ථික සංවර්ධන ක්ෂේත්‍රවලට ලබා දෙන ප්‍රමුඛතා අනුව, ආරක්ෂක කටයුතු පිළිබද වැයකරණ ප්‍රමාණයෙන් නිරූපණය වේද යන කරුණ සම්බන්ධ සාකච්ඡා කළ යුතු බව ද එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයා පවසයි. යුද්ධය කාලයේ වැය කළ මුදල් හා වර්තමාන ආර්ථික ප්‍රමුඛතා අනුව සිදුකරණ වියදම් ගැලපිය යුතු බව ඔහුගේ අදහස විය.

කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් පවත්වමින් ඊයේ (11) එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතවරයා මේ කරුණු අවධාරනය කළේය.