Posted on 11.26.2020 by Sithara Sajeewani in ක්‍රීඩා පුවත් with 0 Comments
ආර්ජන්ටිනා හිටපු පාපන්දු ක්‍රීඩක දියාගෝ මැරඩෝනා හෘදයාබාධයකින් මියගොස් තිබේ. ඊයේ රාත්‍රියේ ඔහු මිය යන විට 60 වන වියේ පසු විය.
1970 දශකයේ අග භාගයේ දී ජාත්‍යාන්තර පාපන්දු පිටියට පිවිසි මැරඩෝනා ලෝක පාපන්දු ශූරතා තරඟාවලියන්හි දී විශිෂ්ඨ දක්ෂතා පෙන්වූ ක්‍රීඩකයෙකි.
එසේම 1986 වසරේ දී සිය රටට ලෝක පාපන්දු ශූරතාවය දිනා දීමට ඔහු මුල් විය. ඊට අමතරව පාපන්දු ක්‍රීඩාවේ සුබ සිද්ධිය වෙනුවෙන් විශේෂ ක්‍රියාමාර්ග රැසක් ගැනීමට කටයුතු කරන ලදී.
මැරඩෝනා ක්‍රීඩාවට අමතරව අධිරාජ්‍ය විරෝධියෙකු සහ වාමාංශිකයෙකු ද විය. ඔහු විශේෂයෙන් කියුබානු නායක පිදෙල් කස්ත්‍රෝ සහ ලතින් ඇමරිකානු කලාපයේ වාමාංශික නැඹුරුවක් සහිත නායකයන් සමඟ ඉතා කිට්ටු සම්බන්ධතාවයක් පවත්වන ලදී. එසේම පලස්තීනයට ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් සහයෝගය පළකරන ලදී.