தமிழ்
English
Contact
Tuesday 25th February 2020    
ආර්ථිකය නගා සිටුවන්න සහය දෙන්න - ගෝඨා ඇමරිකා, චීන, ජපාන, රුසියා, චීන නියෝජිතයන්ගෙන් ඉල්ලයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ආර්ථිකය නගා සිටුවන්න සහය දෙන්න – ගෝඨා ඇමරිකා, චීන, ජපාන, රුසියා, චීන නියෝජිතයන්ගෙන් ඉල්ලයි



තම ධූර කාලය තුළ අපේක්‍ෂිත ප්‍රධානතම කාර්යය බිඳවැටුණු ආර්ථිකය යළි නඟා සිටුවීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ඊයේ (14) විදෙස් නියෝජිතයෝ හමුවේ පවසා තිබේ.

මෙරට සංචාරයක නිරත ඇමරිකා එක්සත් ජනපදයේ සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් වෙල්ස් , චීන රජයේ විදේශ අමාත්‍ය වැන්ග් යී, රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් සහ ජපාන විදේශ අමාත්‍ය කොසේ යමමතෝ යන අය සමඟ ඊයේ පස්වරුවේ පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන්කර ඇත.

ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ අගය කළ එම විදෙස් නියෝජිතයෝ සඳහන් කර සිටියේ රජය ආරම්භ කර තිබෙන ආර්ථික ප්‍රථිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට තම උපරිම සහය ලබාදෙන බවය.

රටේ ජාතික ආරක්‍ෂාව තහවුරු කිරීමට සම්බන්ධයෙන් විදෙස් නියෝජිතයෝ මෙහිදී ජනාධිපතිවරයාට තම ප්‍රශංසාව පළකර තිබූ බව වාර්තා වේ.

එමෙන්ම සෑම ක්‍ෂේත්‍රයක්ම කඩිනමින් සංවර්ධනය කරමින් රට ඉදිරියට ගෙනයාමේ ජනාධිපතිවරයාගේ අපේක්‍ෂාවට පූර්ණ සහය ලබාදෙන බවට ඔවුහු ප්‍රතිඥා දී තිබේ.