தமிழ்
English
Contact
Monday 8th March 2021    
ආර්ථික අර්බුදයට විසඳුම් නැති නිසා ණය මතම යැපෙන්නට මුදල් ඇමති මහින්ද යෝජනා කරයි ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ආර්ථික අර්බුදයට විසඳුම් නැති නිසා ණය මතම යැපෙන්නට මුදල් ඇමති මහින්ද යෝජනා කරයි !



ආණ්ඩුව දැඩි ආර්ථික අර්බුදයක් කරා රට ගෙන යමින් තිබෙන බව 2021 අයවැය ආශ්‍රයෙන් ඉදිරි කටයුතු කරගෙන යාමේදී අගමැතිවරයා කළ ප්‍රකාශවලින් අනාවරණය වේ.

අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් ඇමති ලෙස ඇමති මණ්ඩලයට ඉදිරිපත් කළ කරුනු අනුව, මේ වසර තුළ ආණ්ඩුවට අත්‍යවශ්‍ය ව්‍යාපෘති හැර ජනතාව වෙනුවෙන් වෙන කිසිවක් කළ නොහැකි බව පවසා ඇත. ඒ සඳහා ආදායමක් ආණ්ඩුවට නොමැති බැවින් අත්‍යවශ්‍ය ව්‍යාපෘති වෙනුවෙන් ණය ගැනීම හැර විකල්පයක් නැති බවද අගමැතිවරයා පවසා ඇත. දේශීය බැංකුවලින් රු.බිලියන 1257 ක් ගැනීමටද තවත් බිලියන 606ක් විදේශ ණය ගැනීමටද අපේක්ෂා කරන බව ඔහු පවසා තිබේ. 2021 වසර තුළ ගෙවිය යුතු ණය හා පොලී මුදල ඩොලර් මිලියන 6865ක් බව අනාවරණය වී ඇත. එයින් ඩොලර් මිලියන 5351 ණය වාරික ලෙසත් සහ 1514ක් ණය පොලී ලෙසත් ගෙවිය යුතු වෙනවා.

මේ අතර මුදල් ඇමතිවරයා ලෙස අගමැති වරයා විසින් මේ වසර සඳහා ණය සීමාව රු බි 2987 දක්වා ඉහළ දමන ලෙස ඉල්ලා තිබෙනවා. එයින් බිලියන 1257 සංවර්ධන ක්‍රියාවලියට වෙන් කරන්නට බලාපොරොත්තුවන බව කියන මුදල් ඇමතිවරයා බිලියන 1740 ණය පොලිය ලෙස වෙන් කිරීමට අවසරය ඉල්ලා තිබෙනවා.

ඉදිරි කාලය තුළ ඇතිවන මුල්‍ය අර්බුදය මැද මෙරට ජනතාවගේ ඉතිරි කිරීම් ආරක්ෂා කරන ප්‍රධාන බැංකු අවදානමට ලක් විය හැකි තත්වයක් ගැන ආර්ථික විශ්ලේෂකයන් අනතුරු අඟවමින් තිබෙනවා. ජනතාව ඉතා දුක් මහන්සියෙන් උපයා බැංකුවල, මුල්‍යයායතනවල මුදල් තැන්පත් කරන්නේ විවිධ අනාගත ආර්ථික ප්‍රතිලාභ, ජීවිත සුරක්ෂිතභාවය සඳහා සැලසුම් ඇතිවය. එහෙත් මුල්‍යයාතන කඩාවැටීමෙන් ඔවුන් ඇද වැටෙන්නේ අන්ත අසරණභාවයටය. සමස්තයක් ලෙස රටේ පාලකයන් ආර්ථිකය සැලසුම් නොකර ණය මත හා සියලු සම්පත් විකිණීම මත ගෙන යාම නිසා අවසාන වශයෙන් වන්දි ගෙවන්නේ පාලකයන් නොව, මෙරට ජනතාව මෙන්ම ඔවුන්ගේ ඉදිරි පරම්පරාවය.