Posted on 03.01.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ලංකාවේ ආර්ථික අර්බුදය වසංගතය හමුවේ මුහුණ දෙන තත්වය තවදුරටත් පාලනය කළ නොහැකි මට්ටමකට වර්ධනය වී ඇති බව විශ්ලේෂකයෝ අනතුරු අඟවති.
මේ වනවිට අර්බුදය සම්බන්ධ විවිධ දර්ශක තුළින් අනතුරු අඟවා ඇති අතර ආණ්ඩුවට ඒ අනතුරු ඇඟවුම් නොසළකමින් කොපමණ දුරක් මෙම අර්බුදය සමග ගමන් කළ හැකි දැයි අවදානමක්ද පවතී.
මේ වනවිට ආණ්ඩුව සුපුරුදු ආකාරයට මුදල් මුද්‍රණය කරමින් සමාජය තුළ ආර්ථික අර්බුදයේ ඍජු පරාවර්තනයන් සඟවාලීමේ පියවර ගනිමින් තිබෙන නමුත් ඒ ක්‍රමය විසින්ද ආර්ථිකයේ දුෂ්කරතා ජනතාව මත වැඩියෙන් බලපෑමේ තත්වයක් උදා වෙමින් තිබේ.
පසුගිය වසර තුළ පමණක් ආණ්ඩුව විසින් රුපියල් බිලියන 659ක මුදල් මුද්‍රණය කළ බවට තොරතුරු අනාවරණයවන අතර, මේ වසරේ එය තවත් වේගවත් ක්‍රියාවලියක් බවට පත්කර ඇත. නිදසුනක් ලෙස, ගෙවී ගිය පෙබරවාරියේ පමණක් ඒ ආකාරයෙන් බිලියන 74ක් මුද්‍රණය කරවා ඇත. කෙසේවෙතත්, විශ්ලේෂකයන් අනාවැකි පළ කරන්නේ මේ වනවිට රුපියලේ අගය ඇද වැටීමේ තත්වය නිසා වෙළඳපොළ තුළ භාණ්ඩ මිල ගණන් ඉහළ යාමේ ක්ෂනික තත්වයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවටය. ඔවුන් පෙන්වා දෙන ආකාරයට වසර මැද වනවිට රුපියලේ අගය ඇද වැටීමේ ප්‍රතිඵලයක් ලෙස එක්සත් ජනපද ඩොලරයක් රු. 230-240 දක්වා ඉහළ යාමට ඉඩ ඇත.
මාර්තු මාසය උදා වන්නේ රු. 20 කාසියක් හඳුන්වාදීමෙන් වන අතර මේ වනවිට රු 5 සහ 10 කාසිය, වෙළඳපොළ ගනුදෙනුවලදී අවම හුවමාරු අගයක් සහිත කාසිය බවට පත්ව ඇත. ඇතැම්විට සිල්ලර වෙළඳාමේ ඉතිරි මුදල ලෙස රුපියල, දෙක නොදෙන මට්ටමක් හා නොදුන්නද ඉල්ලා සිටීම සිදු නොවන තරමට අය අව ප්රමාණවීමක් අත්දකිමින් සිටී.
මේ වනවිට සාමාන්‍ය ගනුදෙනුවලදී රුපියල් 5000 හුවමාරුවන තත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන අතර එය වසර කිහිපයකට පෙර, රු. 1000 සතුව තිබුණු තත්වය බව අමතකව ගොස් ඇත. ඉක්මනින්ම රුපියල් 2000, 10,000 වැනි නෝට්ටු හඳුන්වාදීමේ තත්වයක්ද අපේක්ෂා කළ හැකි බව නිරීක්ෂකයන්ගේ අනුමානයයි.