தமிழ்
English
Contact
Monday 10th December 2018    
5 ශිෂ්‍යත්වලාභී දරුවන්ට ආර්ථික දුෂ්කරතා නිසා ආණ්ඩුවෙන් රු. 250ක් වැඩිකරයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

5 ශිෂ්‍යත්වලාභී දරුවන්ට ආර්ථික දුෂ්කරතා නිසා ආණ්ඩුවෙන් රු. 250ක් වැඩිකරයි!



පවතින ආර්ථික දුෂ්කරතා හමුවේ විවිධ ගැටලුවලට මුහුන දෙමින් අධ්‍යාපන කටයුතුවල යෙදී 5 වැනි ශ්‍රේණියේ විභාගයෙන් ඉහළ ලකුණු ලබාගන්නා ශිෂ්‍යත්වලාභී දරුදැරියන්ට ආණ්ඩුවෙන් රු.250ක් වැඩිකර ඇතැයි වාර්තා වේ.

ශිෂ්‍යත්වලාභී දරු දැරියන්ගේ මව්පියන් දහසක් ආර්ථික ගැටලු මත පොරබදමින් දරුවන්ට තරග විභාගයකට දිවයන්නට අනුබල දෙන්නෙ ජනප්‍රිය පාසල් වෙත ගොස් වැඩි පහසුකම් සහිත අධ්‍යාපනයක් හිමිකර ගැනීමටය. එහෙත් අධ්‍යාපනයට අයවැයෙන් දලජාතික නිෂ්පාදිතයට සාපේක්ෂව 6%ක් වෙන්කරන්නට පොරොන්දු වූ ආණ්ඩුව තවමත් ඒ සදහා වෙන් කරන්නේ 1.5%ක් පමණකි. පාසල්වලට, පන්තිකාමර, ඉගෙන්මු උපකරණ ඇතුළු පහසුකම් වැඩිකිරීමෙන් අධ්‍යාපන තත්වය ඉහළ දැමීමට හෝ ගුරුවරුන්ට වැටුප් ගෙවීමට අරමුදල් වෙන් නොකරන ආණ්ඩුව ශිෂ්‍යත්ව සමත් දරුවන් 15,000කට මාසිකව ගෙවන රු 500ක  සොච්චම රු. 750ක් බවට පත්කිරීමෙන් කිසිදු සහනයක් එකී මව්පියන්ට නොලැබෙන බව නිසැකය.