தமிழ்
English
Contact
Thursday 29th October 2020    
ආර්ථික ප්‍රශ්නය විසඳන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට විතරයි - රනිල් වික්‍රමසිංහ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ආර්ථික ප්‍රශ්නය විසඳන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයට විතරයි – රනිල් වික්‍රමසිංහ



මෙරට ආර්ථික ප්‍රශ්නයට විසඳුම් ලබාදිය හැක්කේ එක්සත් ජාතික පක්ෂයට පමණක් බව එහි නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

වත්මන් ආණ්ඩුවට ඇති විශාලම ප්‍රශ්නය විදේශ විනිමය ඉපැයීම බවත්, විදේශ විනිමය ඉපැයිය හැකි පිරිසකට බලය ලබා දිය යුතු බවත් රනිල් වික්‍රමසිංහ එහිදී කියා සිටියේය.

කොටිකාවත්ත ප්‍රදේශයේදී ඊයේ (08) පස්වරුවේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළකර තිබුණි.

ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට මුල්‍ය ආධාර ලබා ගත නොහැකි වීමට හේතු වූයේ ද මෙරටට නිසි ආර්ථික ප්‍රතිපත්තියක් නෙැමැති වීමෙන් බවත් ඔහු පැවසීය.

රටේ ආර්ථිකය නගාසිටුවීමට අදාළ වැඩපිළිවෙල එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනයේ සඳහන් බවත් රනිල් වික්‍රමසිංහ කියා සිටියේය.