தமிழ்
English
Contact
Saturday 23rd March 2019    
ආවා කල්ලිය සොයා යාපනයේ විශේෂ මෙහෙයුමක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ආවා කල්ලිය සොයා යාපනයේ විශේෂ මෙහෙයුමක්



”ආවා” කල්ලියේ සාමාජිකයින්  අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් යාපනය නගරයේ ආරම්භ කර තිබේ.

විදේශ රටවල සිටින ඩයස්පෝරා සාමාජිකයන්ගෙන් ලැබෙන මුදල් ආවා කල්ලි සාමාජිකයන් අතර බෙදාහැරීමේ යෙදී සිටි යැයි පැවසෙන එම කල්ලියේ පුද්ගලයෙකු චුන්නාකම්, උඩුවිල් ප්‍රදේශයේදී යාපනය විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් විසින් පෙරේදා (13) රාත්‍රියේ අත්අඩංගුවට ගන්නා ලදැයි චුන්නාකම් පොලිසිය සඳහන් කර තිබීමෙන් පසු මෙම මෙහෙයුම ආරම්භ කර ඇත.

මෙම සෝදිසි පරික්ෂාවන් වෙනුවෙන් උතුරේ පොලිස් ස්ථානයන්හි පොලිස් නිලධාරීන් 500 ක් පමණ දෙනා යොදවා ඇත.

ඇතැම් නිරීක්ෂකයින් පවාන පරිදි යාපනය දිස්ත්‍රික්කය තුළ සාමාන්‍ය වැසියන් 5 දෙනෙකුට එක් හමුදා සාමාජිකයා බැගින් සහ බුද්ධි අංශ නිලධාරීන් සිටින තත්ත්වයක් තුළ මෙවැනි කල්ලියක් එම ප්‍රදේශවල පවතින්නේ කෙසේද යන ගැටලුව ඇතිවේ.