Posted on 08.29.2018 by Nishshanka in ක්‍රීඩා පුවත් with 0 Comments
මේ දිනවල ඉන්දුනීසියාවේ ජකර්තා නුවර පැවැත්වෙන 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ ඉදිරියෙන් සිටින්නේ චීනයයි.
ඔවුන් මේ වන විට රන් පදක්කම් 99ක්ද රීදී පදක්කම් 65ක්ද ලෝකකඩ පදක්කම් 47ක් ද ලබා ගනිමින් ප්‍රථම ස්ථානය හිමිකර ගෙන සිටී. ඔවුන්ගේ සමස්ත පදක්කම් සංඛ්‍යාව 211කි.
දෙවන ස්ථානය හිමිකර ගෙන තිබෙන්නේ ජපානයයි. ඔවුන් සමස්ත දෙවන ස්ථානයේ ජපානය රන් පදක්කම් 44ක්ද රීදී පදක්කම් 40ක්ද ලෝකකඩ පදක්කම් 62ක් ලබා ගනිමින් සමස්ත පදක්කම් 146ක් ලබා දෙවන ස්ථානයේ පසුවෙයි.
තෙවන ස්ථානයේ පසුවන්නේ දකුණු කොරියාවයි. ඔවුන් රන් පදක්කම් 32ක්ද රීදී පදක්කම් 40ක්ද ලෝකකඩ පදක්කම් 46ක් ද ලබා ගනිමින් සමස්ත පදක්කම් 118ක් ලබා තෙවන ස්ථානය හිමිකර ගෙන තිබේ.
මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමට කිසිදු පදක්කමක් ලබා ගැනීමට හැකියාව ලැබී නොමැති අතර ඉන්දියාව රන් පදක්කම් 9ක්ද රීදී පදක්කම් 19ක්ද ලෝකඩ පදක්කම් 22ක් ලබා ගනිමින් සමස්ත පදක්කම් 50 ක් ලබා ගෙන අටවන ස්ථානයේ පසුවේ.
අනෙකුත් දකූණු ආසියානු රටවල් අතරින් පකිස්ථානය ලෝකඩ පදක්කම් 3ක්ද ලබා ඇති අතර ඇෆ්ගනිස්ථානය ලෝකඩ පදක්කම් 2ක් ලබා ගැනීමට සමත්ව ඇත.