Posted on 08.19.2018 by Nishshanka in ක්‍රීඩා පුවත් with 0 Comments
18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ පළමු රන් පදක්කම චීනයේ වුෂු ක්‍රීඩක සන් ෆියුඈන් දිනා ගැනීමට සමත්ව ඇති බව විදෙස් මාධය වාර්තා කරයි.
අද දින පැවැති පිරිමි වූෂු අවසන් තරගයෙන් ලකුණූ 9.75ක් ලබා ගනිමින් සන් ෆියුඈන් එහි රන් පදක්කම දිනාගැනීමට සමත්ව තිබේ. ඉන්දුනීසියාවේ එඩ්ගාර් ෂවීර් ලකුණු 9.72ක් ලබා ගනිමින් දෙවන ස්ථානය දිනාගත් අතර තෙවන ස්ථානය දිනා ගෙන තිබෙන්නේ තායිපේ සායි සේ මින් විසිනි.
2015 වසරේ ඉන්දුනීසියාවේ පැවැති ලෝක වූෂූ තරගාවලියේ පිරිමි අංශයේ ශූරතාවය දිනා ගැනීමට ඔහු සමත්ව ඇති බව වාර්තාවේ.
සන් ෆියුඈන් චීනයේ වූෂු ක්‍රීඩාවේ යෙදී සිටින වත්මන් පරපුරේ ජනප්‍රියතම හා දක්ෂතම පුද්ගලයා ලෙසද සැලකෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරයි.