தமிழ்
English
Contact
Friday 14th August 2020    
ඇඳිරි නීතිය කඩ කරමින් අණ නොතකා ධාවනය කළ සුඛෝපබෝගී රිය අත්අඩංගුවට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඇඳිරි නීතිය කඩ කරමින් අණ නොතකා ධාවනය කළ සුඛෝපබෝගී රිය අත්අඩංගුවට



ඇඳිරිනීති කාලයේදි පොලිස් අණ නොතකා ධාවනය කළ සුඛෝපබෝගී මෝටර් රථයක් එහි රියැදුරු සමඟ ඊයේ (14) අලුයම අත්අඩංගුවට ගත් බව හුංගම පොලීසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අම්බලන්තොට බැරගම ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය කියයි.

ඇඳිරිනීතිය පැවැති කාලයේදී ධාවනය කළ මෙම සුඛෝපබෝගී මෝටර් රථය තංගල්ල ප්‍රදේශයේදී නවත්වන ලෙස පොලිස් නිලධාරින් අණකර ඇති අතර එම රථය පොලිස් අණනොතකා ධාවනය කර ඇතැයි නිලධාරිහු කියති.

පසුව මෙම රථය හුංගම බටඅත ප්‍රදේශයේදී නවතන ලෙස පොලිසිය විසින් අණකළද එම ස්ථානයේදීද රථය නොනවත්වා ධාවනය කර ඇති අතර අළුයම 12.40ට පමණ නෝනාගම ප්‍රදේශයේ මාර්ග බාධක යොදා රථය අත්අඩංගුවට ගැනීමට නිලධාරීහු සමත්වී ඇත. අත්අඩංගුවට පත්වන විට මෝටර් රථයේ රියැදුරු බීමතින් සිටි බවට තහවුරු වූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ඇඳිරිනීතිය කඩ කිරීම, බීමතින් රිය පැදවීම සහ පොලිස් අණ නොතකා ධාවනය යන චෝදනා අනුව සැකකරුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව හුංගම පොලිසිය කියයි.