தமிழ்
English
Contact
Monday 6th July 2020    
ඇඳිරි නීතිය ලිහිල් කිරීමට තීරණයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඇඳිරි නීතිය ලිහිල් කිරීමට තීරණයක්!



මැයි 26 අඟහරුවාදා සිට කොරෝනා වසංගතය හේතුවෙන් පනවන ලද ඇඳිරි නීතිය ලිහිල් කිරීමේ සූදානමක් ආණ්ඩුව විසින් ප්‍රකාශයට පත්කර ඇත.

මේ අනුව, රාත්‍රි 8.00 සිට අලුයම 5.00 දක්වා පැවති ඇඳිරි නීති සීමාව පැය 3කින් අඩු කරමින් 26 වැනිදා සිට දිනපතා රාත්‍රී 10.00 සිට අලුයම 4.00 දක්වා පමණක් දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතීය ක්‍රියාත්මක කරන්නට ආණ්ඩුව විසින් තීරණයකර ඇත. විශේෂයෙන්ම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර අන් දිස්ත්‍රික්ක අතර ගමනාගමනය අවහිර කරමින් පැවති සීමාකිරීම්ද අත්හිටුවා මැයි 26 වන අඟහරුවාදා සිට, ඒකී දිස්ත්‍රික්ක අතර ගමනා ගමනයටද අවසර ලැබේ. අද (24) සහ හෙට දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙනු ඇත.