தமிழ்
English
Contact
Friday 14th August 2020    
ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ රෝහල් ආශ්‍රිතව දිගු පෝලිම් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමඟ රෝහල් ආශ්‍රිතව දිගු පෝලිම්



ඇඳිරි නීතිය ලිහිල් කිරීම කිරීමත් සමඟ, ප්‍රමාද වූ වෛද්‍ය පරීක්ෂණ සඳහා පැමිණෙන රෝගීන්ගෙන් රටේ ප්‍රධාන රෝහල්වල විශාල තදබයක් දක්නට ලැබෙන බව වාර්තා වේ. උදාහරණයකට කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකය ඉදිරිපිට විශාල ජනකායක් දැකගත හැකිව තිබේ. තවද, නව සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශ සුරැකෙන අයුරින් විශාල ජනකායක් පාලනය කිරීම රෝහල් කාර්ය මණ්ඩලයට දුෂ්කර කටයුත්තක් වී ඇති බවද වාර්තා වේ.

එසේම රෝහල්වල නිසි යටිතල පහසුකම් නොමැති බැවින් රෝගීන් අතර නිසි භෞතික දුරස්ථභාවයක් පවත්වා ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇත. සමහර ඒකක එක් වරකට සායන 20 ක් පවත්වා ඇති අතර රෝගීන් 3000 කට අධික සංඛ්‍යාවක් සායනවලට සහභාගී වී ඇත. නමුත් පහසුකම් පවතින්නේ දිනකට රෝගීන් 500 දෙනෙකු සඳහා පමණි.

මෙවැනි තදබදයක් මාලිගාවත්ත වකුගඩු බද්ධ කිරීමේ ඒකකය ආශ්‍රිතවද දක්නට ලැබෙන බව වාර්තාවේ. එම ඒකකයට පැමිණෙන වකුගඩු රෝගීන්ට සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් තම වාරය එනතුරු රැඳී සිටීමට අවශ්‍ය නිසියාකාර පහසුකම් නොමැති තත්ත්වයක්ද පවතියි. එසේම වකුගඩු බද්ධ කිරීමේ ඒකකය සතුව රුධිර කාන්දුකරණයට අවශ්‍ය යන්ත්‍ර පවතින්නේ 21ක් පමණක් බැවින් සමහර රෝගීන්ට තම වාරය පැමිණෙන තුරු පසුදින දක්වා බලාසිටීමට සිදුව ඇත.