தமிழ்
English
Contact
Tuesday 15th October 2019    
ඇපදුන් ගණන 41ක් වුවත් නාමයෝජනා දුන් අපේක්ෂකයන් 35යි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඇපදුන් ගණන 41ක් වුවත් නාමයෝජනා දුන් අපේක්ෂකයන් 35යි



2019 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 41ක් දෙකෙතු ඇප මුදල් තැන්පත් කර තිබුණු නමුත් අපේක්ෂකයෝ 35 දෙනකු අද(07) මැතිවරණ කොමිෂන් සභාව වෙත සිය නාමයෝජනා පත්‍ර භාර දුන්හ.

අපේක්ෂකයින් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ විරෝධතා දෙකක් ප්‍රතික්ෂේප කළ බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. ඒ අතරින් ස්වාධීන අපේක්ෂකයන් ලෙස ඇප තැන්පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන චමල් රාජපක්ෂ, කුමාර වෙල්ගම ඇතුළු 06 දෙනෙකු අද සිය නාමයෝජනා පත්‍ර භාරදුන්නේ නොමැත. ඊට පිළිගත් දේශපාලන පක්ෂ 19ක, ස්වාධීන කණ්ඩායම් 19 ක සහ වෙනත් පක්ෂ 03ක අපේක්ෂකයන් ඒ අතරට අයත්ය.

අජන්තා විජේසිංහ (ශ‍්‍රී ලංකාවේ සමාජවාදී පක්‍ෂය), සමන් ප‍්‍රසන්න (අපේ ජනබල පක්‍ෂය), ගෝඨාභය රාජපක්‍ෂ (ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ), ආරියවංශ දිසානායක (ප‍්‍රජාතන්ත‍්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ), සිරිතුංග ජයසූරිය (එක්සත් සමාජවාදී පක්‍ෂය) බැද්දෙගමගේ නන්දිමිත‍්‍ර (නව සමසමාජ පක්‍ෂය), වජිරපානි විජේසිරිවර්ධන (සමාජවාදී සමානතා පක්‍ෂය), සරත් මනමේන්ද්‍ර (නව සිංහල උරුමය) රොහාන් පල්ලෙවත්ත (ජාතික සංවර්ධන පෙරමුණ), ඒ. එස්. පී. ලියනගේ (ශ‍්‍රී ලංකා කම්කරු පක්‍ෂය), බත්තරමුල්ලේ සීලරතන හිමි (ජනසෙත පෙරමුණ), සජිත් පේ‍්‍රමදාස (නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ), දුමින්ද නාගමුව (පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය), මහේෂ් සේනානායක (ජාතික ජනතා පක්‍ෂය), අරුණ ද සොයිසා (ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික ව්‍යාපාරය), පි‍්‍රයන්ත එදිරිසිංහ (ඔක්කොම වැසියෝ ඔක්කොම රජවරු සංවිධානය), නාමල් රාජපක්‍ෂ (ජාතික සමගි පෙරමුණ), සුබ‍්‍රමනියම් ගුණරත්නම් (අපේ ජාතික පෙරමුණ)

ස්වාධීනව තරග කරන අපේක්‍ෂකයන් 15 දෙනා මෙසේය.
ජයන්ත කැටගොඩ, සිරිපාල අමරසිංහ, අපරැුක්කේ පුඤ්ඤානන්ද හිමි, මිල්රෝයි ප‍්‍රනාන්දු, සමන්සිරි හේරත්, සරත් කීර්තිරත්න, අනුරුද්ධ පොල්ගම්පොල, සමරවීර වීරවන්නි, අශෝක වඩිගමංගාව, මොහොමඞ් ඉල්ලියාස්, පියසිරි විජේනායක, රජීව විජේසිංහ, එම්. කේ. සිවාජිලිංගම්, එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා, මොහොමඞ් අලෙවි.

ලියාපදිංචි නොවූ දේශපාලන පක්‍ෂ 02 කි.
අනුර කුමාර දිසානායක (ජාතික ජනබල ව්‍යාපාරය) හා අජන්ත ද සොයිසා (රුහුණු ජනතා පක්‍ෂය)