Posted on 06.24.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) ආණ්ඩුවේ මර්දන පිළිවෙත යටතේ අත්අඩංගුවට ගත් ජන අරගලයේ ක්‍රියාකාරින් පස් දෙනකුට අද(24) දින ඇප නියම කළද, අනෙක් අරගලකරුවන්ටද ඇප ලබා දෙන තුරු රැඳී සිටීමට ඔවුන් තීරණය කර ඇත.
පොලිසිය විසින් මෙසේ අත්අඩංගුවට ගැනීමට නම්කරනු ලැබුවේ වසන්ත මුදලිගේ, ළහිරු වීරසේකර, රතිඳු සේනාරත්න, ධම්මික මුණසිංහ, එරංග ගුණසේකර, ජෙහාන් ශ්‍රී කාන්ත, ජගත් මනුවර්ණ, ගල්වැව සිරිධම්ම හිමි හා රත්කරව්වේ ජිනරතන හිමි වේ. ඔවුන් අතුරින් ළහිරු වීරසේකර, රතිඳු සේනාරත්න, ධම්මික මුණසිංහ, එරංග ගුණසේකර, ජෙහාන් ශ්‍රී කාන්ත, ජගත් මනුවර්ණ හා රත්කරව්වේ ජිනරතන හිමි පසුගියදා මරදාන පොලිසිය වෙත පැමිණ මහසේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වූහ. මේ අතර පොලිසිය විසින් අමල් සාලින්ද ගාලුමුවදොර ‘ගෝටාගෝගම’ අසළදී අත්අඩංගුවට ගෙන තිබිණි.
අද දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ මෝසමකට අනුව, මහෙස්ත්‍රාත්වරයා විසින් ධම්මික මුණසිංහ, එරංග ගුණසේකර, ජෙහාන් ශ්‍රී කාන්ත, ජගත් මනුවර්ණ යන අයට ඇප ලබා දෙන ලදී. කෙසේවෙතත්, රක්ෂිත බණ්ධනාගාරගතව සිටින ළහිරු වීරසේකර, අමල් සාලින්ද, රතිඳු සේනාරත්න හා රත්කරව්වේ ජිනරතන හිමි යන අයට ඇප ලබා දෙන තුරු සිය ඇප කොන්දේසි ඉටු නොකරමින් දිගටම සිරගතව සිටීමට ඔවුන් තීරණයකර ඇත.