தமிழ்
English
Contact
Tuesday 25th February 2020    
ඇමතිකම් ඉල්ලා ඇඬූ හැටි, දෙස් තිවු හැටි ගම්මන්පිල කියයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඇමතිකම් ඉල්ලා ඇඬූ හැටි, දෙස් තිවු හැටි ගම්මන්පිල කියයි!



ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත්වීමෙන් පසුව ඔහු වටා සිටි පක්ෂ නායකයන් ඇමතිධුර වෙනුවෙන් හඬා වැළපුණු බවත් දෙස් දෙවොල් කී බවත් පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල පවසයි.

අද(25) හෝමාගමදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු මේ කරුණු අනාවරණය කළේය.

ගෝඨාභය රාජපක්ෂ විසින් මුලින්ම ඇමතිධූර 10ක කැබිනට් මණ්ඩලයක් යෝජනා කළ බවද එහිදී ඇමතිධුර හිමිවන පිරිස සීමිත නිසා පක්ෂ නායකයන් අඬා වැළපුණ බවත් තවත් සමහරු දෙස් දෙවොල් තියන තත්වයට පත්වීම නිසා ඇමති තනතුරු 15 දක්වා ඉහළ දමන්නට සිදුවූ බවද ගම්මන්පිල මන්ත්‍රිවරයා පවසයි. ඒ නිසාම නායකත්වය මුහුණ දුන් පීඩනය අවම කිරීමට තමන් ඇමතිධුර භාර නොගන්නා බවට නිවේදනය කළ බව පැවසූ ඔහු තවමත් ඇමතිධුර අපේක්ෂ්වෙන් සිටිනබව ඇඟවුම් කළේය.