தமிழ்
English
Contact
Thursday 5th December 2019    
ඇමතිවරු කෝප් වාර්තා ලබාදීම නොසළකා හැරලා - සුනිල් හඳුන්නෙත්ති | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඇමතිවරු කෝප් වාර්තා ලබාදීම නොසළකා හැරලා – සුනිල් හඳුන්නෙත්ති



රාජ්‍ය ආයතන හතක් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග පැහැර හරිමින් කටයුතු කරන බව පොදු ව්‍යාපාර කාරක සභාවේ (කෝප්) සභාපති සුනිල් හඳුන්නෙත්ති ඊයේ(19) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පොදු ව්‍යාපාර කාරක සභාව (කෝප්) හමුවට සති 08කදී රාජ්‍ය ආයතනවල ගිණුම් වාර්තා ලබාදෙන්නැයි දැනුම්දී මේ වනවිට සති 16ක් ගතව ඇතත්, මෙම රාජ්‍ය ආයතනවලින් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයි ඔහු පවසයි.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව සියලු රාජ්‍ය ආයතනවල ගිණුම් වාර්තා ලබාදෙන ලෙසට තමන් ජනවාරි 24 වැනිදා සියලු අමාත්‍යවරුන්ට දැනුම් දුන් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

නමුත් හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනය, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, ඖෂධ නිෂ්පාදන සංස්ථාව, ජාතික ආධුනිකත්ව මණ්ඩලය, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව, ශ්‍රී ලංකන් ගුවන් සමාගම යන ආයතනවල ගිණුම් වාර්තා මෙතෙක් ලබා දී නොමැති බවද හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා පවසා ඇත.

ඇමතිවරුන් නිසි ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග බලවත් කළද ඉන් ප්‍රයෝජනයක් අත් නොවන බවද මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ.