Posted on 01.15.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) මේ වනවිට ජනතා ගැටලු විසඳන්නට අසමත්ව ජනතාව අතර බලවත් අප්‍රසාදයට හා විරෝධයට ලක්ව තිබෙන ආණ්ඩුව ඇමති සංශෝධනයක් හා නව ආර්ථික සැලැස්මක් ප්‍රකාශයට පත් කරමින් මාධ්‍ය සංදර්ශන පෙළක් පැවැත්වීමට සූදානම් වේ.
මේ වනවිට උද්ගතව ඇති ජීවන වියදම ඉහළ යාමේ තත්වය හා ණය ගෙවීමට හෝ ආනයන පවත්වා ගැනීඹට බාධාාරී විදේශ විනිමය හිගය වැනි ගැටලු ජනතාවට ඇති ගැටලු වේ. මෙම අර්බුද පියවා ගන්නට ඇමති වගකීම් දරණ පුද්ගලයන් වෙනස් කිරීම වැනි සරල පිළිතුරු අදාළ නොවේ. නමුත් විරෝධය දක්වන ජනයා අස්වසන්නට හා මුලා කරවනු පිණිස සත්‍ය තත්වයන් වසා ගන්නට විවිධ ප්‍රදර්නාත්මක පියවර ගැනීමට හා ඒවාට රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය තුළින් විශාල ප්‍රචාරයක් ලබා දීමට ආණ්ඩුව සැලසුම් කර ඇත.
සියලු ක්ෂේත්‍ර ආවරණය වන ආකාරයෙන් සුවිශේෂී ආර්ථික වැඩපිළිවෙළක් මේ මස අවසන ප්‍රකාශයට පත්කිරීමට ගෝඨාභය ආණ්ඩුව තීරණය කර ඇත.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් ලබන සතියේදී මෙම වැඩපිළිවෙල ප්‍රකාශයට පත් කරනු ලැබීමට නියමිතය.
නව වසර ආරම්භයේදී අධිවේගි මාර්ගයේ කටයුතු අවසන් නොවුවද ඉන් කොටසක් විවෘත කර වේගවත් සංවර්ධන ගමනකට ආණ්ඩුව පියවර ගන්නා බවට පෙන්වීමට පියවර ගෙන ඇත.
ආණ්ඩුවේ ඇමතිවරු විසින් ගෙන ගිය වැරදි පිළිවෙත් නිසා ඔවුන් මාරු කරමින් වෙනත් නව ඇමතිවරු පත් කිරීමද මෙම මාධ්‍ය සංදර්ශනයේ අංගයක් ලෙස ප්‍රකාශයට පක්වීඹට නියමිතය.