தமிழ்
English
Contact
Tuesday 25th February 2020    
ඇමති චන්ද්‍රසේනගේ සුඛෝපභෝගී රියේ ගැටී මියගිය ආරක්ෂකයාගේ බිරියත් මියයයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඇමති චන්ද්‍රසේනගේ සුඛෝපභෝගී රියේ ගැටී මියගිය ආරක්ෂකයාගේ බිරියත් මියයයි!



වනජීවි අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන ගමන් කළ සුඛෝපභෝගී රථයේ ගැටීමෙන් ජනවාරි 16 සිදුවූ අනතුර නිසා ජීවිතක්ෂයට පත්වුණ සිවිල් ආරක්ෂක නිලධාරියාගේ බිරිඳද අනතුරින් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.

අනතුරටපත් යතුරුපැදියේ ගමන්ගත් ඔහුගේ බිරිඳ හා දියණිය ද බරපතල තුවාල ලබා රෝහලට ඇතුළත් කළ අතර අද(18) සවස ඇය මියගිය බව වාර්තාවේ

අනතුර ඇසින් දුටුවන් පවසා ඇත්තේ මාර්ගය ඉදිරියෙන් ගිය යතුරුපැදියේ පසුපස වේගයෙන් පැමිණි ජීප් රථය ගැටුණු අවස්ථාවේදී යතුරු පැදියේ ගමන්කළ තිදෙනා විසිවී ගිය බවයි. මෙම අනතුරින් සිවිල් ආරක්ෂක භටයා රෝහල්ගත කරනවිටත් මියගොස් සිටි අතර මව සහ දියණිය බරපතල තුවාල ලැබ ප්‍රතිකාර ගනිමින් සිටියහ.

අනතුර සිදුවන අවස්ථාවේදී වනජීවි ඇමති එස් එම් චන්ද්‍රසේනද වාහනයේ සිට ඇති බව සඳහන්වේ. රථය පැදවූ රියදුරා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පියවර ගනිමින් සිටී.

මියගිය ආරක්ෂක නිලධාරියාගේ සිරුර මෘත ශරීරාගාරයේ