தமிழ்
English
Contact
Wednesday 21st August 2019    
ඇමති වඩිවේල්ටත් අත්සන් කළ සාමුහික ගිවිසුම එපා වෙලා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඇමති වඩිවේල්ටත් අත්සන් කළ සාමුහික ගිවිසුම එපා වෙලා



වතුකම්කරු ජනතාව රු. 1000ක දෛනික මූලික වැටුපත් ඉල්ලා සිටියදී එය මගහැර රු.700කට එකගවී හාම්පුතුන් සමග සාමුහික ගිවිසුමක් අත්සන් කළ ඇමති වඩිවේල් සුරේෂ් දැන් එම ගිවිසුමෙන් ඉවත්වන බවට පවසා තිබේ.

ජනවාරි 27 වැනිදා කම්කරු ජනයා මහමගට බැස විරෝධතා දක්වද්දී හොර රහසේ හාම්පුතුන් සහ වෘත්තීය සමිති දෙකක් අතර අස්සන් කෙරුණු සාමුහික ගිවිසුම ගැසට් මගින් ප්‍රකාශයට පත් නොකිරීමට ආණ්ඩුව ගත් තීන්දුව නිසා දැන් ඇමති වඩිවේල් සුරේෂ් පරාජය භාරනෙ ඇත. තමන්  ඉදිරියේදී එම ගිවිසුමෙන් ඉවත් වන බව වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය වඩිවේල් සුරේෂ් ඊයේ (06) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පවසා ඇත.