தமிழ்
English
Contact
Thursday 28th January 2021    
ඇමරිකානු ජනාධිපතිවරණය - ට්‍රම්ප් සහ බයිඩ්න් අතර තියුණු සටනක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඇමරිකානු ජනාධිපතිවරණය – ට්‍රම්ප් සහ බයිඩ්න් අතර තියුණු සටනක්



ඇමරිකානු ජනාධිපතිවරණයේ මූලික ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතින අතර, ඒ අනුව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට වඩා ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩ්න් අතර තියුණු තරඟයක් පවතින බව දක්නට ලැබේ.

ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සඳහා ඉලෙක්ටෝරල් කොලේජ් හෙවත් කොට්ඨාශ ඡන්ද 538 කින් 270 ක් ජයග්‍රහණය කළ යුතු වේ.

මූලික ප්‍රතිඵලවලට අනුව මේ වනවිට ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩ්න් එම ඡන්ද 223ක් හිමිකරගෙන සිටින අතර, ජනපති ට්‍රම්ප්ට හිමිව ඇත්තේ කොට්ඨාශ ඡන්ද 213ක් පමණයි.

කෙසේ නමුත් ඉතිරිව ඇති ප්‍රාන්ත කිහිපයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියෙන් සිටින අතර එහි දි ආසන 140ක් පවතින බව විදෙස් මාධ්‍ය තවදුරටත් සඳහන් කරයි.