தமிழ்
English
Contact
Friday 22nd November 2019    
ඇමරිකාවට ඉඩම් ලබාදෙන දෙන බව ගිවිසුමේ තිබුණොත් මංගල දේශපාලනයෙන් සමුගන්නවලු | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඇමරිකාවට ඉඩම් ලබාදෙන දෙන බව ගිවිසුමේ තිබුණොත් මංගල දේශපාලනයෙන් සමුගන්නවලු



මිලේනියම් චැලේන්ජ් කොපරේෂන් ගිවිසුම අනුව ඇමෙරිකන් කොරිඩොවක් හෝ එක බිම් අගලක් හෝ ඇමෙරිකාවට දෙන බව සඳහන් වැකියක් එම ගිවිසුමෙහි පෙන්නුවහොත් තමා දේශපාලනයෙන් සමුගන්නා බව මුදල් ඇමැති මංගල සමරවීර ඊයේ (06) මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

රාජපක්ෂවරු විසින් විවිධ කාලවලදී නොයෙකුත් දේ මවා පා ජනතාව භීතියට පත්කිරීමට කටයුතු කරන බව කී අමාත්‍යවරයා මෙම ගිවිසුමද එවැන්නක් යැයි කීය.

මෙම ගිවිසුමද මේ රටට සම්පතක් වන ගිවිසුමක් වන බව කී ඇමතිවරයා එය කැබිනට් මණ්ඩලයෙන් සම්මත කරගනු ලැබුවේ ලබන දෙසැම්බර් දෙවන සතියේ පැවැත්වෙන එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලවල රැස්වීමට පෙර එය කළ යුතුව තිබූ නිසා යැයිද කීය.

මෙම ගිවිසුම බලාත්මක වනුයේ ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේනුතුව ඉදිරිපත් කර සම්මත කිරීමෙන් පසුව බවද ඇමැතිවරයා පැවසීය.

මෙම ගිවිසුම අනුව ඇමෙරිකන් ඩොලර් මිලියන 480 ක ප්‍රදානයක් මේ රටට හිමිවන අතර එ මගින් ප්‍රවාහන ව්‍යාපෘතියට රුපියල් මිලියන 63000 ක් ද , ඉඩම් ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන් 12114 ක්ද වෙන් කෙරෙන බව කීය.

ප්‍රවාහන ව්‍යාපෘතිය යටතේ නවීන රථ වාහන කළමනාකරණ පද්ධතියට රුපියල් මිලියන 28800 ක්ද බස් ප්‍රවාහන සේවය නවීකරණයට රුපියල් මිලියන 9000 ක් ද තෝරා ගත් ග්‍රාමීය මාර්ග ජාලයේ නවීකරණනයට රුපියල් මිලියන 25200 ක් ද යොදවන බව සමරවීර පවසයි.

ඉඩම් ව්‍යාපෘතිය යටතේ ඉඩම් කැබලි මූලික සිතියම් සහ රජයේ ඉඩම් ලේඛන ඩිජිටල්කරණය පුළුල් කිරීම සඳහා රුපියල් මිලියන 4212 ක්ද ඉඩම් තක්සේරු ක්‍රියාවලිය ඩිජිටල්කරණය රුපියල් මිලියන 1170 ක්ද ඉඩම් හිමිකම් වාර්තා ඩිජිටල්කරණය පුළුල් කිරීමට රුපියල් මිලියන 2052 ක් ද ඉඩම් ඔප්පු හිමිකම් සහතික කිරීමේ වැඩසටහන පුළුල් කිරීමට රුපියල් මිලියන 3474 ක් ඉඩම් පරිපාලන හා ප්‍රතිපත්ති සඳහා පර්යේෂණ වලට රුපියල් මිලියන 11286 ක්ද වෙන් කෙරෙන බව මුදල් ඇමතිවරයා පැවසීය.