Posted on 01.07.2021 by Sithara Sajeewani in විදෙස් පුවත් with 0 Comments
ඇමරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් අගනගරයේ පාර්ලිමේන්තුව හෙවත් කොංග්රස් ගොඩනැගිල්ල විරෝධතාකරුවන් විසින් ආක්‍රමණය කිරීමත් සමඟ
වොෂින්ටන් අගනුවරට ඇඳිරි නීතිය පනවා තිබේ. මේ අතර ප්රචණ්ඩ ක්‍රියා අතරවාරයේ වෙඩි පහරකට ලක්ව තුවාල ලැබූ කාන්තාවක් මියගිය බව පොලිසිය තහවුරු කළේය.
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට සහය දක්වන පිරිස් එරට උභය මන්ත්‍රී මණ්ඩලය පිහිටි කොංග්රස් ගොඩනැගිල්ලට (කැපිටල් ගොඩනැගිල්ල) කඩා වැදුණේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය හා සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය යන උභය මණ්ඩලය ම විශේෂ රැස්වීමකට සහභාගි වෙමින් සිටියදී ය.
ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් සිදුවූ ජෝ බයිඩන් ගේ පත්වීම තහවුරු කිරීම සම්බන්ධයෙන් අදාළ විශේෂ රැස්වීම කැඳවා තිබිණි.
කොංග්රස් ගොඩනැගිල්ල තුළ තත්ත්වය පාලනය කිරීමෙන් අනතුරුව ජනපතිවරණයේ ප්‍රතිඵල සනාථ කිරීමේ රැස්වීම නැවත ආරම්භ කෙරුණු බව ද මාධ්‍ය වාර්තා කර තිබේ.
පොලිසිය විසින් වොෂීන්ටන් ගොඩනැගිල්ලට ඇතුළු වන්නන්ට වෙඩි ප්‍රහාර එල්ල කිරීමට ආරම්භ කිරීමත් සමඟ ට්‍රම්ප් විසින් විරෝධතාකරුවන් හට සන්සුන් වන ලෙස ඉල්ලීමක් සිදුකොට තිබුණි. නමුත් ඔහු දිගටම කියමින් සිටින්නේ පසුගිය මැතිවරණයේදී ඡන්ද මංකොල්ලයක් සිදුවුණු බවයි.
වොෂින්ටන්හි ට්විටර් සමාජ මාධ්‍ය ජාලයට ද මේ වනවිට සීමා පනවා ඇති අතර ඩොන්ල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් ගිණුම පැය 12 ක කාලයකට අවහිරි කර තිබේ.
ද දින ඇමරිකාවේ වොෂින්ටන් කැපිටල්හි ඇති වූ විරෝධතා සිද්ධීය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් හිටපු ජනාධිපති බැරක් ඔබාමා පවසා ඇත්තේ එහි දි ඇමරිකාවේ ඡන්ද ප්‍රතිඵළ වාර්තා වලට බොරු චෝදනා කරමින් මේ ඇති කර ඇති විරෝධතාවය ඇමරිකාවේ ඉතිහාසයේ මහත් අගෞරවයක් ලෙස සටහන් වනු ඇති බවයි.