தமிழ்
English
Contact
Tuesday 7th July 2020    
ඇමරිකාවේ සතියක් තුළ මිලියන 3.2ක් විරැකියා සහනාධාරයට අයදුම් කරලා | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඇමරිකාවේ සතියක් තුළ මිලියන 3.2ක් විරැකියා සහනාධාරයට අයදුම් කරලා



පසුගිය සතියේ ඇමරිකා එක්සත් ජනපදය තුළ විරැකියාවෙන් පෙලෙන්නන් සඳහා ලබාදෙන සහනාධාරය ලබා ගැනීම සඳහා මිලියන 3.2ක් අලුතින් ඉල්ලුම් කර තිබූ බව වාර්තා වේ.

එම දත්තවලින් පෙනී යන්නේ ආර්ථිකයේ සියලු කොටස් දක්වා රැකියාවලින් දොට්ට දැමීම පුළුල් වී ඇති අතර ඇමරිකා එක්සත් ජනපදය නැවත විවෘත කිරීමට පටන් ගන්නා විට පවා එය ඉහළ මට්ටමක පැවතිය හැකි බවයි.

කෙසේ වෙතත්, මැයි 2 වනදායින් අවසන් වූ සතියේ සහනාධාර සඳහා මිලියන 3.2ක් ඉල්ලුම් කිරීම සලකා බැලීමේදී එය පෙර සතියට වඩා අඩුවී ඇති අතර එයින් පෙන්නුම් කරන්නේ රැකියා අහිමිවීම් ඉහළ යාම එහි උපරිමය පසු කර ඇති බවයි.

කම්කරු දෙපාර්තමේන්තුවේ දත්ත අනුව පසුගිය මාර්තු මාසයේ මැද සිට මිලියන 33.5 ක් විරැකියා සහනාධාර දක්වා ඉල්ලුම් කර ඇත.

එරට කම්කරු දෙපාර්තමේන්තුව විසින් අපේ‍්‍රල් මාසය සඳහා විරැකියා දත්ත පිළිබඳ වාර්තාවක් නිකුත් කළ විට මෙහි සැබෑ ස්වරූපය තවදුරටත් හෙළි වනු ඇති බව වාර්තා වේ.

මාසික වාර්තාවෙන් මිලියන 20 කට වැඩි රැකියා අහිමිවීමක් අපේක්ෂා කරන අතර සමහර ආර්ථික විද්‍යාඥයින් පවසන්නේ එය මිලියන 30 කට ආසන්න විය හැකි බවයි. විරැකියා අනුපාතය සියයට 20 දක්වා ඉහළ යන බවයි. වසංගතය ඇමරිකා එක්සත් ජනපදයට පැමිණීමට ප්‍රථම එනම් පෙබරවාරි මසයේදී මෙම අගය පැවතියේ සියයට 3.5ක් ලෙසයි.

කෙසේවෙතත් ඇමරිකාව මුහුණ දීමට නියමිත ආර්ථික අර්බුදය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොවැම්බර් මාසයේ පැවැත්වෙන මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට බාධාවක් විය හැකි බවද ඇතැම් දේශපාලන විචාරකයන් මත පළකර තිබේ.