தமிழ்
English
Contact
Wednesday 30th September 2020    
ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් ලබාදීම අත්හිටුවයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් ලබාදීම අත්හිටුවයි



ඇමරිකා එක්සත් ජනපදය විධිමත් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කර ගැනීම සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පියවර ගෙන තිබේ.

කොරෝනා වසංගතය ලොව පුරා ව්‍යාප්ත වීමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය, චීනයේ පාලනය යටතේ පවතින බවට ඇමරිකානු ජනාධිපතිවරයා මීට පෙර පවසා තිබිණි. මේ හේතුව නිසා ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිදානයෙන් ඉවත් වන බවටද ජනාධිපතිවරයා විටින් විට තර්ජනය කළේය.

යුරෝපා සංගමයෙන් හා වෙනත් පාර්ශවයන්ගෙන් ප්‍රබල ඉල්ලීම් ලැබුණද ඇමරිකානු ජනාධිපතිවරයා පවසා තිබුණේ එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනයෙන් ඉවත් වී අරමුදල වෙනත් තැනකට හරවා යවන බවයි.

මෙම ක්‍රියාවලිය සඳහා අවම වශයෙන් වසරක් පමණ ගතවිය හැකි වුවද ඔහුගේ අදහස මේවනවිටත් එක්සත් ජාතින්ගේ සංවිධානයට සහ කොන්ග්‍රසයට දැනුම් දී ඇත.

මේ බව තහවුරු කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයාගේ ප්‍රකාශක ස්ටෙෆාන් ජුඩරික් පවසා ඇත්තේ 2021 ජූලි 06 දින සිට බලපැවැත්වෙන පරිදි ඇමරිකාවේ ඉවත්වීම පිළිබඳව දැනුම් දී ඇති බවයි.

ඇමරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශාලතම තනි දායකයා වන අතර එය එහි සමස්ත අයවැයෙන් 15%කට දායකත්වය දරයි.

ඇමරිකාවේ මෙම ඉවත් වීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූල්‍ය ශක්‍යතාව, සෞඛ්‍ය සේවා ප්‍රවර්ධනය කිරීම සහ රෝග මර්ධනය කිරීම සඳහා වන බොහෝ වැඩසටහන් වල අනාගතය ප්‍රශ්න කරනු ඇති බව විචාරකයෝ පවසති.