தமிழ்
English
Contact
Tuesday 7th July 2020    
ඇමරිකාව MCC ගිවිසුම ගැන තව හිතන්න ඕනා - ජනාධිපති | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඇමරිකාව MCC ගිවිසුම ගැන තව හිතන්න ඕනා – ජනාධිපති



ඇමෙරිකාව සමඟ අත්සන් කිරීමට යෝජිත සහශ්‍ර අභියෝගතා සංස්ථා (Millennium Challenge Corporation) ගිවිසුමේ සෑම වගන්තියක් ගැනම අධ්‍යයනය කිරීමකින් තොරව ඒ සම්බන්ධයෙන් තීන්දුවක් නොගන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ජනාධිපති කාර්යාලයේ ඊයේ (25) පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව දැනුම් දී ඇත.

යෝජිත ගිවිසුම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ජාතික ආර්ථික සභාවේ නිරීක්ෂණ ඇතුළත් වාර්තාවක් ද කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බවද වාර්තා වේ.

එහිදී අදහස් දක්වා ඇති මුදල් ඇමැති මංගල සමරවීර මෙම ගිවිසුම හරහා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400 ක පමණ ප්‍රදානයක් හිමිවන බව පවසා ඇත.

මංගල සමරවීර පවසා ඇත්තේ ඉකුත් අවස්ථාවකද මෙම ප්‍රදානය ලබා ගැනීමට උත්සහ කළද එය අසාර්ථක වූ බවත් මේ ආණ්ඩුවේ යහපාලන ප්‍රතිපත්තිය නිසා එය ලබා ගැනීමට හැකිවූ බවයි.