தமிழ்
English
Contact
Monday 26th October 2020    
ඇමසන් විනාශයට එරෙහිව බ්‍රසීල තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඇමසන් විනාශයට එරෙහිව බ්‍රසීල තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්



බ්‍රසීලයේ ඇමේසන් වනාන්තරයේ ගිනිතැබීම් සම්බන්ධව චෝදනා ලැබ එම ගිනි නිවාදමන්නට නිසි ක්‍රියා මාර්ග නොගත් බ්‍රසීල ආණ්ඩුවට එරෙහි නිහඬ විරෝධතාවක් විප්ලවවාදී ශිෂ්‍ය සංගමය හා ‘වෙනසක තාරුණ්‍යය‘ සංවිධාන විසින් අද (27) සවස කොළඹ රොස්මීඩ් පෙදෙසේ පිහිටි බ්‍රසීල තානාපති කාර්යාලය ඉදිරිපිටදී කැඳවා තිබිණි.

එහිදී මිහිකතේ හදවත වනසන ධනවාදයට එරෙහි වෙමු! ඇමසන් රැකගැනීමට බලකරමු! යන සටන් පාඨ මත පදනම්ව විරෝධය දැක්වූ විප්ලවවාදී ශිෂ්‍ය සංගමයේ හා වෙනසක තාරුණ්‍ය නියෝජිතයන් විසින් බ්‍රසීල තානාපති කාර්යාලයට ලිපියක් ද භාරදී ඇත.