தமிழ்
English
Contact
Tuesday 25th February 2020    
ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු පිලිපිටියගේ වැඩ තහනම්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු පිලිපිටියගේ වැඩ තහනම්!



හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සමඟ දුරකතන සංවාද පැවැත් වූ බවට ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියට එල්ල වූ විෂමාචාර චෝදනා මත වහාම ක්‍රියාත්මක වන පරිදි අද (21) පස්වරුවේ සිට ඔහුගේ වැඩ තහනම් කරන්නට අධිකරණ සේවා කොමිසම තීරණයකර ඇත.

මහාධිකරණ විනිසුරුවරයා රන්ජන් රාමනායක සමඟ සිදුකළ දුරකතන සංවාද සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසන් සභාවේ නිර්දේශ ඇතුළත් වාර්තාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙතද යොමුකර තිබිණි.