தமிழ்
English
Contact
Friday 14th August 2020    
ඇවන්ගාඩ් නැවකට ඉන්දිය නාවිකයන් 86ක් ගුවනින් ගෙන ඒයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඇවන්ගාඩ් නැවකට ඉන්දිය නාවිකයන් 86ක් ගුවනින් ගෙන ඒයි!



ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමේ අවශ්‍යතාව සඳහා ඉන්දියානු නාවිකයන් 86 දෙනෙකු ඊයේ (6) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත කැඳවා ගෙනැවිත් තිබේ .
ඇවන්ගාඩ් ආරක්ෂක සමාගමට අයිති නැවක කාර්යය මණ්ඩලය මාරු කිරීම සදහා මෙම නාවිකයන් මුම්බායි සිට පැමිණි ස්පයිස් ජෙට් ගුවන් සේවයට අයත් එස්.ජී.- 9067 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව , මෙම පිරිස පී.සී.ආර්.පරීක්ෂණ සදහා භාජනය කෙරෙන අතර , ඉන්පසුව ඔවුන් නිරෝධායන කටයුතු සදහා හෝටලයක් වෙත යොමු කිරීමට නියමිතය .