தமிழ்
English
Contact
Friday 14th August 2020    
ඇවන්ට්ගාඩ් නඩුවේ විත්තිකරුවන්ට සංශෝධිත අධිචෝදනා පත්‍රයක්! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඇවන්ට්ගාඩ් නඩුවේ විත්තිකරුවන්ට සංශෝධිත අධිචෝදනා පත්‍රයක්!



ඇවන්ට්ගාඩ් අවිගබඩාවේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව චෝදනා 882 කින් සමන්විත සංශෝධිත අධිචෝදනා පත්‍රයක් නීතීපතිවරයා අද (30) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කර ඇත.
විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් පවරන ලද නඩුවේ චෝදනාවල මූලික පදනම බිඳවැටීම නිසා චෝදනා 7573න් 7554 ක්ම ත්‍රීපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඉවත දමන ලැබූ නිසා විත්තිකරුවන් 13න් 5 දෙනකු ඇප මත නිදහස්කරන ලදී. මෙම නඩුවට අදාළව මාස 3 1/2ක පමණ කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවූ “ඇවන්ට්ගාඩ්” සභාපති නිශ්ශංක සේනාධිපති කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට විනිසුරු මඩුල්ල නියම කළේය.
කෙසේවෙතත්, අද දින ඔහු ඇතුළු විත්තිකරුවන්ට සංශෝධිත චෝදනා පත්‍රයක් යටතේ චෝදනා ගොනුකර තිබේ. නීතී විරෝධී අයුරින් උණ්ඩ ප්‍රවාහනයට ආධාර හා අනුබල දීම හා බොරු සාක්කි ගෙතීම යන චෝදනා 19ක් යටතේ නඩුව පවත්වාගෙන යෑමට නීතීපතිවරයාට අධිකරණයේ අවසරය හිමි විය. එමෙන්ම මෙම නඩුවෙන් නිදහස් කළ විත්තිකරුවන් 05 දෙනා ඇතුළුව විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව සංශෝධිත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කිරීමට නීතීපතිවරයා පියවර ගනු ලැබූ අතර මෙම පැමිණිල්ල පෙබරවාරි 10 වැනිදා යළි කැඳවීමට නියමිතය.