Posted on 04.04.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ඇෆලටොක්සින් නැමැති ශරීරයට අහිතකර සංඝටක අඩංගු තවත් බොහෝ ආහාර ද්‍රව්‍ය ඇති බවත් ඒ ගැන හෙළිදරව් කළහොත් එම සමාඟම් බිඳවැටීමය හැකි බව ප්‍රමිති ආයතනයේ අධ්යක්ෂ ජනරාල් සිද්ධිකා සේනාරත්න සඳහන් කර තිබේ . එම නිසා ‘අපි’ එකතුවී එම සමාගම් හදාගැනීමට උත්සාහ කරන බවද ඇය පවසා තිබේ.
එසේම පිළිකාකාරක පොල්තෙල් ගෙන්වූ සමාගම් තවමත් පොල්තෙල් ගෙන්වමින් සිටින බවද අධ්යක්ෂ ජනරාල්වරිය සඳහන් කර තිබේ.
ප්‍රමිති ආයතනයේ අනුමැතිය ලැබීමට පෙර පෞද්ගලික ආයතනවල ගුදම්වල යැවීම සාමන්‍යයෙන් සිදුව්වෙන බවද අධ්යක්ෂ ජනරාල්වරිය මෙහිදී පවසා තිබේ. එයට හේතුව ලෙස අධ්‍යක්ෂවරිය සඳහන් කරන්නේ රේගුවේ ඉඩපහසුකම් මදි බවයි.
එසේම දේශීය නිෂ්පාදනය වෙන පොල්තෙල්වලද පිළිකාකාරකය අඩංගු විය හැකි බවත් එය නියාමනයක් සිදුවී නොමැති බවද ඇය පවසා තිබේ.
පෞදගලික රූපවාහිනී නාලිකාවක් සමඟ පැවැත්වූ සම්මුඛ් සාකච්ඡාවකදී ප්‍රමිති ආයතනයේ අධ්යක්ෂ ජනරාල් සිද්ධිකා සේනාරත්න මේ අදහස් පළකර තිබේ.