தமிழ்
English
Contact
Tuesday 23rd October 2018    
ඇෆ්ගනිස්ථානයේ තෙදින සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඇෆ්ගනිස්ථානයේ තෙදින සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරයි



ඇෆ්ගන්ස්ථාන් රජය විසින් ඒකපාර්ශීයව ප්‍රකාශ්‍යට පත්කරන ලද සටන් විරාමය සදහා තලේබාන් සංවිධානයද සිය පාර්ශ්වයෙන් තෙදින සටන් වරාමයක් ප්‍රකාශයට පත්කර තිබේ.

2001 වසරේ සිට මේ දක්වා තලේබාන් සංවිධානය විසින් ප්‍රකාශයට කරන ලද පළමු සටන් විරාමය මෙය වන බව විදෙස් මාධ්‍ය පවසයි. මේ මස 15 වන දිනට යෙදෙන ඉස්ලාමීය ආගමික ඉඩ් අල් පිත්ර් දිනය මුල්කරන ගෙනය.

තලේබාන් සංවිධානය මෙම සටන් විරාමය ප්‍රකාශයට පත්කරමින් පවා ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ රදවා සිටින විදේශ හමුදාවන්ට හැරෙන්නට අනෙකුත් සියලුම ප්‍රහාරයන් අදාල දිනයන්හි නවතා දැමීමට තම සංවිධානය තීරණය කළ බවයි. නමුත් විදෙස් හමුදාවන්ට එරෙහිව ක්‍රියාත්මක කරන මෙහෙයුම් ක්‍රියාත්මක වන බවයි.

පසුගිය කාලයේ ඇෆ්ගන් හමුදාවන්ට බරපතල හානි පමුණුවමින් තලේබාන් ප්‍රහාරයන් ගණනාවක් එල්ලකිරීමට කටයුතු කළේය.

මෙම සටන් විරාමය පිළිබදව ඇෆ්ගන් ජනාධිපතිවරයා පවසා ඇත්තේ දිගින් දිගටම කරනු ලබන මෙම ප්‍රචණඩ ක්‍රියා මගින් තලේබාන් සංවිධානයට ඇෆ්ගන් ජනතාවගේ හදවත් දිනා ගැනීමට නොහැකි බවනු ඇති බවයි.

වසර ගණනාවක සිට ඇෆ්ගනිස්ථානයේ පවතින ගැටුම්කාරී තත්වය හේතුවෙන් මේ වන විට එරට විශාල ජනගහනයක් සිය මූලික අවශ්‍යතා පවා නොමැතිව අන්ත අසරණ තත්වයට පත්ව ඇති අතර අසල්වැසි පාකිස්ථානයේ සරණාගතයින් ලෙස වසර ගණනාවක් දිවිගෙවීමට සිදුව තිබේ.

එක්සත් ජනපදය ප්‍රමුඛ නෙටෝ හුමදා විසින් 2001 වසරේ තලේබාන් පාලනය පෙරළා දැමීමෙන් පසුව සිදුකරන ලබන ප්‍රහාරයන් හේතුවෙන් මේ වනවිට ඇෆ්ගන් වැසියන් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ඝාතනය කර තිබේ.

එම තත්වයට එරෙහිව වසර කිහිපයක සිට කලේබාන් සංවිධානය ඇෆ්ගන් ආරක්ෂක අංශයට හා නෙටෝ හමුදාවන්ට ප්‍රහාරයන් එල්ල කරනු ලබයි.




Related News