தமிழ்
English
Contact
Thursday 2nd April 2020    
ඉතාලියේදී කොරෝනා ආසාදිත ලාංකිකයෙකු මිය යයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉතාලියේදී කොරෝනා ආසාදිත ලාංකිකයෙකු මිය යයි



කොවිඩ් නයින්ටීන් හෙවත් නව කෙරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉතාලියේ තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එරට මෙසීනා නගරයේ විසූ 70 හැවිරිදි ලාංකිකයෙකි.

ඒ අනුව එම වයිරසයට ගොදුරුව ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත් වූ පත් වූ මුල්ම ලාංකිකයා ඔහු යැයිද එම ඉතාලි ආරංචි මාර්ග කියා සිටී.

මෙම ලාංකිකයා මෙසීනා ප්‍රදේශයේ කලක පටන් ජීවත් වන අයෙකු වන අතර මෙම මරණය එම ප්‍රදේශයේ සිදු වූ දෙවැනි කොරෝනා මරණය යැයිද පැවසේ.

කොරෝනා වයිරසය ආසාදනය වු මෙම ලාංකිකයා මෙසීනා නගරයේ පිහිටි ක්‍රිස්ටෝ රේ නැමැති සාත්තු නිවාසයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (24) එම සාත්තු නිවාසයේ දී මරණයට පත් වී ඇත.

වයිරසය හේතුවෙන් එම ලාංකිකයාට දැඩි ශ්වසන අපහසුතා පෙන්වීමත් සමග ඉතාලි වෛද්‍යවරුන් ඔහුව හදිසි ප්‍රතිකාර සදහා ⁣වෙනත් රෝහලකට මාරු කිරීමට නියමිත සිටියදී මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.

ඉතාලිය තුළ ඊයේ(24) දිනය වනවිට කොරෝනා වයිරසය හේතුවෙන් 6,820 ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ආසාදිතයින් 69,176 ආසන්න ප්‍රමාණයක් වාර්තා වේ.