தமிழ்
English
Contact
Tuesday 22nd May 2018    
ඉතාලියේ ෆැසිස්ට් ප්‍රහාරයන්ට එරෙහිව උද්ඝෝෂණ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉතාලියේ ෆැසිස්ට් ප්‍රහාරයන්ට එරෙහිව උද්ඝෝෂණ



පසුගිය සතියේ ඉතාලියේ වෙසෙනෙ විගාමික ජනයා ඉලක්කර එල්ල කරනු ලැබූ වෙඩි ප්‍රහාරය හේතුවෙන් සය දෙනෙකු තුවාල ලැබූහ. මෙම සිදුවීමෙන් පසුව එම ප්‍රහාරයන්ට එරෙහිව ඉතාලියේ වෙසෙන විගාමික ජනයා හා ජාතිවාදයට එරෙහි ඉතාලි ජනතාවගේ සහභාගීත්වයෙන් දැවැන්ත රැලියක් පවත්වා තිබේ.

මධ්‍යම ඉතාලියේ  මැසරාටාහි මෙම විරෝධතා උද්ඝෝෂණ රැලිය සංවිධානය කර ඇත්තේ එරට වාමාංශික සංවිධාන හා මානව හිමිකම් සංවිධානවල මූලික්කවයෙනි. ඉතාලියේ වෙසෙන විවිධ රටවලට අයත් ජනතාව ඉලක්කරමින් එරට අන්ත දක්ෂිණාංශික සංවිධාන විසින් මෑතක සිට සිය ප්‍රහාරයන් උත්සන් කර තිබේ. මේ තත්වයට එරෙහිව ඉතාලියේ අන්ත දක්ෂිණාංශික ෆැසිෂ්ට් ක්‍රියාකාරීත්වයට එරෙහි සංවිධානයෙන්ගේ සහභාගීත්වයෙන් පවත්වා ඇත.

මෙම රැලිය පැවැත්වීමද නතර කරන ලෙස අදාල පලාත් පාලන ආයනවලින් එම රැලිය සංවිධානය කළ අයගෙන් ඉල්ලා තිබේ. එසේ ඉල්ලීම් කර ඇතිතේ දෙපාර්ශ්වය අතර ගැටුම් ඇතිවනු වැළැක්වීමට බව අදාල අංශ දන්වා තිබේ. කෙසේ වෙතත් එම ඉල්ලීම් නොසලකා විරෝධතා රැලිය පවත්වන්නට සංවිධායකයින් සමත්ව ඇත.

විශේෂයෙන් මෙම තත්වය ඉදිරියේදී තවත් වැඩිවිය හැකි බවට අනතුරු අගවා ඇත. මන්ද ඉතාලි මහ මැතිවරණය ලබන මාර්තු මස 4 වැනිදින පැවැත්වීමට නියමිතව තිබේ. මෙම මැතිවරණයේදී එරට දේශපාලන වේදිකාවල ප්‍රධාන මාතෘකාවක් බවට සරණාගත ප්‍රශ්නය පත්වනු ඇත. ඉතාලියේ වෙසෙන විවිධ රටවලට අයත් විගාමික ජනයාගේ මතයද එළැඹෙන මැතිවරණයේදී තීරණාත්මක වනු නිසැකය.

මෙම තත්වය අනුව ඉතාලියේ අන්ත දක්ෂීණාංශික ෆැසිස්ට් දේශපාලන ව්‍යාපාර විගාමික ජනායට එරෙහි ප්‍රහාරයන් උත්සන්න කර තිබේ. මෙම ප්‍රහාරයන් මගින්ද එරට ජාතිවාදී මතභේද උත්සන්න කිරීමට ප්‍රයන්ත දරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.