தமிழ்
English
Contact
Thursday 29th October 2020    
ඉදිකිරීම් ස්ථානයක විදුලි සෝපානයක් කඩා වැටීමෙන් පෙදරේරුවන් දෙදෙනක් මරුට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉදිකිරීම් ස්ථානයක විදුලි සෝපානයක් කඩා වැටීමෙන් පෙදරේරුවන් දෙදෙනක් මරුට



මහනුවර ධර්මාශෝක මාවතේ, නිමි ඇඳුම් අලෙවි සැලක තාවකාලික විදුලි සෝපානයක් කඩා වැටීමෙන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

එම ගොඩනැගිල්ලේ අළුත්වැඩියා කටයුතු සිදුකරමින් සිටි පෙදරේරුවරු දෙදෙනෙක් එලෙස මියගොස් ඇතිබව වාර්තා වේ.
ඔවුන් නඩත්තු කටයුතු කරමින් සිටින විට මෙම අනතුර සිදුව ඇත.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මහනුවර ඔගස්ටාවත්ත ප්‍රදේශයේ පදිංචි අම්බලන්ගොඩ ගුරුගෙදර අරවින්ද අවුරුදු 54 හැවිරිදි පුද්ගලයෙක් හා කටුගස්තොට, උඩුවාවල ප්‍රදේශයේ පදිංචි උපාලි ජයරත්න නැමති 57 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මුලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.