Posted on 06.04.2022 by Sajith Saranga in දේශීය පුවත් with 0 Comments
ශ්රී ලංකාවට නරක කාලය උදාවන්නේ තව ඉදිරියේදී බවත්, ලොව පුරා ඇතිවන ආහාර හිඟය හේතුවෙන් ශ්රී ලංකාව ඉදිරියේදී බරපතල තත්වයකට පත්වන බවත්, ජනතාවට තුන්වෙල ආහාර සපයා ගැනීමේ ගැටළුවකට මුහුණ දීමට සිදුවන බවත් අග්රාමාත්ය රනිල් වික්රමසිංහ පවසනවා. අද කොළඹදී පැවැති සම්මන්ත්රණයකදී අදහස් දක්වමින් අග්රාමාත්යවරයා මේ බව පැවසුවා.
ලොව පුරා ආහාර හිඟයක් ඇති වෙනවා. අපි හරි වෙලාවෙදි IMF ගියේ නැහැ. අපේ විදෙස් මුදල් ලැබෙන ක්රමවේද අවහිර වෙලා. මේ වෙන කොට ඉන්ධන සඳහා දිගු පෝළිම් තියෙනවා. හැම උදේම අපි හිතන්නේ නැව්වලට ගෙවන්න තියෙන් මිලියන විස්ස, තිහ, හතළිහ ගෙවන්නෙ කොහොමද කියලයි. ඒ එකකට හරි ගෙවන්න බැරි වුණොත් ඒ දවසේ හිඟයක් ඇති වෙනවා. මේ විදියට රජයක් ගෙනියන්න බැහැ.
නරක කාලය එන්න තියෙන්නෙ ඉදිරියට. අපිට කෑම නැතිවෙයි. අපේ ආහාර සංචිත ප්රමාණවත් වෙන්නෙ ලබන සැප්තැම්බර්, ඔක්තෝබර් වෙනකං විතරයි. අපිට පසුගිය යල කන්න හා මහ කන්නය වෙනුවෙන් ප්රමාණවත් රසායනික පොහොර තිබ්බෙ නෑ. අපි දැන් උත්සාහ කරමින් ඉන්නේ ලබන මහ කන්නයට පොහොර ලබාගන්න. ඒක කරගන්න පුළුවන් වුණොත් ලබන වසරේ පෙබරවාරි මාසෙන් පස්සේ යම් සාධනීය තත්වයක් ඇති වෙයි. අපි ඒ අතරේ මොකද කරන්නේ?
ආර්ථිකය කඩා වැටෙද්දි තව තව රැකියා අහිමිවෙයි. කුඩා හා මහා පරිමාණ කර්මාන්ත කඩා වැටෙයි. අපි මේ යමින් ඉන්නෙ ඒ තත්වයට. මිනිස්සුන්ට ආහාර වේල් තුනක් නොලැබෙන කාලයක් එයි. අපි කුසගින්න පිටුදකින්න ඕනේ. අපිට මේ වසර තනියම ගෙනියන්න බැහැ. අපි ප්රතික්ෂේප කරපු අය ගාවට අපි යන්න ඕනේ. මොන රටද ඩොලර් බිලියන 3ක ආධාරයක් ප්රතික්ෂේප කරන්නේ? ස්තුති කරන්නෙවත් නැතුව, සාකච්ඡාවක්වත් නැතුව? අපි ඒ අයගෙ විශ්වාසය දිනාගන්නෙ කොහොමද?
වාසනාවට අපිට ඉන්දියාව උදව් කළා. චීනයත් අපිට සහය දීල තියෙනවා. අපිට යුරෝපය හා බටහිර දෙසත් බලන්න වෙනවා. ඒ වගේම අපි ණය ගැනත් බලන්න ඕනේ. මොකද චීන ණය ප්රතිපත්ති අනෙක් අයට වඩා වෙනස්.