தமிழ்
English
Contact
Friday 6th December 2019    
ඉදිරි කටයුතු තීරණය කරන්න සජිත් පාක්ෂිකයන් හමුවෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉදිරි කටයුතු තීරණය කරන්න සජිත් පාක්ෂිකයන් හමුවෙයි



නව ප්‍රජාතන්ත්රතවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෝක්ෂෝල් වීදියේ පිහිටි එම පෙරමුණේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේදී සිය පාක්ෂිකයින් හමුවී ඇති බව වාර්තා වේ. ජනාධිපතිවරණයේදී තමන්ට සහය පල කළ ආසන සංවිධායකවරුන් ඇතුළු පාක්ෂිකයින් සමග ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරිම මෙම හමුවේ අරමුණ වී ඇති බව සජිත් ප්‍රේමදාස පවසා ඇත.

මෙම හමුව අද දිනයේදී සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබුණත් එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ එම උත්සවය අද දිනයේදී නොපවත්වන බවත් එය වෙනත් දිනයකදී පවත්වන බවත්ය.

ඒ අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපතිධුර අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස හමුවීමට පැමිණෙන ජනතාවට වෝක්ෂෝල් වීදියේ පිහිටි එම පෙරමුණේ ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයට පැමිණෙන ලෙස දන්වා තිබුණි.

මේ අතර මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයට හා විපක්ෂ නායක ධූරයට වඩාත් සුදුසු පුද්ගලයා වන්නේ සජිත් ප්‍රේමදාස මහතා බව එම පක්ෂයේ හිටපු මහලේකම්වරයෙකු වූ තිස්ස අත්තනායක මහතා පවසයි.