தமிழ்
English
Contact
Saturday 19th June 2021    
ඉන්දියානු ප්‍රබේදය සමාජගතවීමේ අවධානමක් නැහැ - උදය ගම්මන්පිළ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉන්දියානු ප්‍රබේදය සමාජගතවීමේ අවධානමක් නැහැ – උදය ගම්මන්පිළ



දැනට ඉන්දියානු ප්‍රභේදය හඳුනාගෙන ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානවලින් පමණක් බැවින් නිසා එය සමාජගත පුරා පැතිරීමේ අවධානමක් නොමැති බව කොවිඩ් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසා ඇති බව ඇමති උදය ගම්මන්පිළ පවසයි.

ඔහු මේ බව පැවසුවේ ඉන්දියානු ජාතිකයන් මෙරටට නිරෝධායනට ගෙන්වා ගැනීම නිසා අද ඔවුන් කැබිතිගොල්ලෑව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටීම හේතුවෙන් ඉන්දියානු කොවිඩ් ප්‍රබේදය සමාජ ගතවීමේ අවධානමක් මතුවී තිබෙනවා නේදැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

කෙසේවෙතත් ඇමතිවරයා මාධ්‍යවේදියා සිදුකරන ලද ඉන්දියානු ජාතිකයන් කැබිතිගොල්ලෑව රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන් කරන ලද ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනු දැකිය නොහැකි විය.