தமிழ்
English
Contact
Saturday 23rd March 2019    
ඉන්දියානු ව්‍යාපෘති පමා වීම ගැන මෝඩි කණස්සල්ල පළ කරයි! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉන්දියානු ව්‍යාපෘති පමා වීම ගැන මෝඩි කණස්සල්ල පළ කරයි!



ලංකාවේ ක්‍රියාත්මකවන ඉන්දියානු ව්‍යාපෘති ප්‍රමාද වන බවද ඒ සම්බන්ධව පැහැදිලි කිරීමක් අපේක්ෂා කරන බවද ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝඩි අගමැති රනිල් වික්‍රම සමග පවසා ඇත.

අගමැතිවරයාගේ ඉන්දිය සංචාරයේී සුහද පිළිසදරක යෙදෙමින් මෝඩි අගමැතිවරයා පවසා ඇත්තේ මෙවැනි ප්‍රමාදයන් සිදුවිම සම්බන්ධයෙන් ඉන්දියානු රජය පැත්තෙන් යම්කිසි දෙයක් අපේක්ෂා කරන්නදෙ නැත්නම් ඉන්දියාව සම්බන්ධයෙන් සැකයක් පවතින්නේද යන්න නිදහසේ සංවාදයට ගත යුතු බවයි.  අසල්වැසියාට ප්‍රමුඛතාව සලස්වන ඉන්දිය විදේශ පිළිවෙතේ ප්‍රධාන අවදානයක් ලංකාව කෙරෙහි දක්වා ඇති බවද ඉන්දිය අගමැතිවරයා පවසා ඇත.

මේ වනවිට ලංකාවේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති ගණනාවකට ඉන්දිය රජයේ මැදිහත්වීමක් තිබෙන අතර ආයෝජන හා ණය ව්‍යාපෘති ලෙස මහා පරිමාණ ව්‍යාපෘති කිහිපයක කටයුතු මන්දගාමීව පැවතීම ගැන ඉන්දිය රජය අවධානය යොමුකර ඇති බව එහිදී ප්‍රකාශ විය. කෙරවලපිටිය ගෑස් විදුලිබලාගාරය, සාම්පූර් සූර්ය විදුලි බලාගාරය, ත්‍රිකුණාමලය තෙල් ටැංකි ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘති ගණනාවක් ඉන්දියා ලංකා හවුල් ව්‍යාපාර ලෙස ආරම්භ කරන්නට සැලසුම් සකස්කර ඇත. විශේෂයෙන්ම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධ ඉන්දියානු ව්‍යාපෘතියක් ලෙස අත්සන් කළ අවබෝධතා ගිවිසුම ක්‍රියාකාරි නොවීම එහිදී අවධානයට ලක් කර ඇත. පසුගියදා ඇමති මණ්ඩල රැස්වීමේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් නැගෙනහිර ජැටිය කිසිවකුට පැවරිය නොහැකි බවට ප්‍රකාශයක් කර ඇති නමුත් ආණ්ඩුව විසින් මේ පිළිබද ඉන්දියානු මැදිහත්වීම සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික අවබෝධතා ගිවිසුමක් අත්සන් කර ඇත. වරාය ඇමති මහින්ද සමරසිංහ විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ හා ජනාධිපතිවරයා අතර උණුසුම් වාදයක් ඇවිල ගිය බවද වාර්තා විය.

ඉන්දියානු රජය ලංකාවේ ආර්ථික කටයුුතු සම්බන්ධව දක්වන උනන්දුව එක් අතකින් මහින්ද රාජපක්ෂ පලානය යටතේ චීනයට විශේෂ අවස්ථා සැපයීමෙන් හටගත් ප්‍රතික්‍රියාවක් ලෙසද රාජ්‍යතාන්ත්‍රික කටයුතු විශ්ලේෂකයෝ පවසති. චීනය ඉන්දියන් සාගර කලාපයේ බලවත්වන්නට මාලදිවයින හා ලංකාව සමීප කරගැනීමේ භූ-දේශපාලනික උපායමාර්ගයක් අනුගමනය කරද්දී එක්සත් ජනපදය හා ඉන්දියාව එක්ව ඉනදියා-ශාන්තිකර කලාපයේ චීන බලය ආපස්සට හැරවීමේ ඒකාබද්ධ ක්‍රියාදාමයක යෙදී සිටී. වත්මන් ආණ්ඩුව මහින්ද රාජපක්ෂ විසින් චීනයට ලබාදුන් ව්‍යාපෘති සම්බන්ධ දැඩි විවේචනයක් කළද ලංකාවේ විවිධ ව්‍යාපෘති ගණනාවක් තවමත් චීනයෙන් ක්‍රියාත්මක කෙරෙන අතර ආණ්ඩුව විසින් එම තත්වය සමතුලනය කිරීමට ඉන්දිය රජයට ව්‍යාපෘති කිහිපයක් භාර දෙන්නට නියමිත බව ඇමති රාජිත සේනාරත්න පසුගිය දිනක ජනමාධ්‍ය වෙත හෙලිකර සිටියේය. 2017 අත්සන් කළ අවබෝධතා ගිවිසුමකින් පසුව, මෙම ව්‍යාපෘති ඉන්දියාවට භාරදීමට ආණ්ඩුව බැදී සිටී.