தமிழ்
English
Contact
Monday 22nd April 2019    
ඉන්දියාවට යන්න කලින් මහින්ද රැඩිකල් වෙයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉන්දියාවට යන්න කලින් මහින්ද රැඩිකල් වෙයි



උතුරේ යුද්ධයේදී හමුදා සාමාජිකයන් විසින් බරපතල අපරාධ සිදු කරන ලද බවත් ඔවුන් අධිකරණය හමුවට පමුණුවා දඬුවම් පැමිණවිය යුතු බවත් මහින්ද රාජපක්ෂ පවසා තිබේ.

ලංකා රජයේ ආරක්ෂක අංශ මෙන්ම එල්ටීටීඊ සංවිධානයත් එම අපරාධ කළ පවසන මහින්ද රාජපක්ෂ දඬුවම් ලබාදෙන්නේ නම් එක් පාර්ශවයකට පමණක් නොව දෙපාර්ශවයටම දඬුවම් ලබාදිය යුතු බවත් පවසයි

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ “එක කට්ටියකට සමාව දීලා අනික් අයට දඬුවම් දෙන ප්‍රතිපත්තියක් වෙන්න බැහැ නේ. හැබැයි ඉතින් බරපතල අපරාධයක් කරලා තියෙනවානම් ස්ත්‍රී දුෂණයක්, කල්ලි ගැසී දුෂණයක්, ඒ වගේ එකක් තිබුනොත් ඒක දඬුවම් කරන්න ඕනේ උසාවියෙන්. ගෙදරක ගෑනු ළමයෙක් ඉන්නවා නම්, ඒ ළමයව අරං ගිහිල්ලා කවුරු හරි රේප් කරනවානම්, ඒක යුද්දෙට සම්බන්ධයක් නෑනේ. මේ සටනට සම්බන්ධ නෑනේ. එහෙම දේවල් උනානේ. දෙගොල්ලන්ගෙන්ම උනා. එහෙම නම් ඒ දෙගොල්ලන්ටම දඬුවම් කරන්න ඕනේ ඒකට. එක කට්ටියකට දඬුවම් කරන්නයි එක කට්ටියක් නිදහස් කරන්නයි බැහැ, එහෙම උනානම්.”

මහින්ද ඉන්දියාවේ බැංගලෝරයේදී පැවැත්වෙන ප්‍රධාන සමුළුවකට විශේෂ ආරාධිත දේශනය පැවැත්වීම සඳහා දින 4ක සංචාරයක් සඳහා අද ( 8 ) ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතව තිබේ. ඔහු මේ අදහස් පලකිරීමට සැබෑ හේතුව වන්නේ එම ඉන්දියානු සංචාරයයි. චීනයට වැඩි නැඹුරුවකින් කටයුතු කළ මහින්ද ඉදිරි දේශපාලන කටයුතු සඳහා ඉන්දියාවේ සහයෝගය ලබා ගැනීමට උත්සාහ කිරීම මෙම ප්‍රකාශය පිටුපස පවතියි.