தமிழ்
English
Contact
Friday 14th August 2020    
ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක මූල්‍ය පහසුකමක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක මූල්‍ය පහසුකමක් ලබාගැනීමට කැබිනට් අනුමැතිය



විශේෂ ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුමක් යටතේ ඩොලර් බිලියනයක මූල්‍ය පහසුකමක් ලබා ගැනීම සඳහා ඉන්දීය සංචිත බැංකුව (Reserve Bank of India) සමග දැනට සාකච්ඡා කෙරෙමින් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

මේ අතර, දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානයේ රටවල් වෙත 2019-2022 කාලය සඳහා පිරිනමනු ලබන මුදල් හුවමාරු පහසුකම් රාමුව යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව, ඉන්දියානු සංචිත බැංකුව සමග මුදල් හුවමාරු ගිවිසුමකට පසුගිය දා එළඹිණි.

එගින් මෙරටේ කෙටිකාලීන ගෙවුම් ශේෂ අවශ්‍යතාවන් මූල්‍යනය කරගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට පහසුකමක් සැලසෙන බව පැවසේ.

මෙම මුදල් හුවමාරු පහසුකම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ නිර්දේශ යටතේ කැබිනට් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

මෙම මුදල් හුවමාරු පහසුකම යටතේ, ශ්‍රී ලංකා මහ බැංකුවට එක්සත් ජනපද ඩොලර් මිලියන 400ක් ප්‍රථමයෙන් මාස තුනක කාලයක් සඳහා ලබා ගත හැකිය.

දකුණු ආසියානු කලාපීය සහයෝගීතා සංවිධානයේ රටවල් වෙත පිරිනමනු ලබන මුදල් හුවමාරු පහසුකම් රාමුවෙහි කොන්දේසිවලට අනුකූලව, පසුව, මෙම මුදල් හුවමාරු පහසුකම වරකට තෙමස් කාලපරිච්ඡේදයක් බැගින් දෙවරක් නැවත ලබාගත හැකිය.

එසේම මෙම මූල්‍ය පහසුකම මුදල් වශයෙන් නැවත ගෙවීමට භාණ්ඩ වශයෙන් නැවත ගෙවීමට සිදුවේ.