தமிழ்
English
Contact
Friday 29th May 2020    
ඉන්දියාවේදී මෝදි කී දේ රනිල් මෛත්‍රීට දන්වයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉන්දියාවේදී මෝදි කී දේ රනිල් මෛත්‍රීට දන්වයි



අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තම ඉන්දීය සංචාරය නිමකිරීමෙන් පසු ඊයේ (22) ජනාධිපතිවරයා හමුවී සිය සංචාරය පිළිබඳ සම්පූර්ණ විස්තරයක් ජනාධිපතිවරයාට වාර්තා කර ඇති බව පැවසේ. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පමණක් සහභාගී වූ මෙම හමුවේදී විශේෂයෙන් අගමැතිවරයා සහ ඉන්දීය අගමැතිවරයා අතර ඇතිවූ සාකච්ජාවට අදාළ තොරතුරු වාර්තා කර තිබේ.

එසේම මෙම ඉන්දීය සංචාරයේදී ඉන්දීය විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ්, ඉන්දීය අභ්‍යන්තර කටයුතු ඇමති රාජ්නාත් සිං මෙන්ම රාහුල් ගාන්ධි ප්‍රමුඛ කොංග්‍රස් පක්ෂ නායක පිරිසක් සමඟ අගමැතිවරයා අතර ඇතිවූ සාකච්ජා පිළිබඳ තොරතුරුද ජනාධිපතිවරයා වෙත සවිස්තරාත්මක පවසා ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ මෙම සංචාරයේදී ඉන්දීය ආරක්‍ෂක ප්‍රධානීන් හමුවී ‘රෝ’ සංවිධානය ජනාධිපතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කරන බවට සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් ඔවුන් සමග අගමැතිවරයා සාකච්ඡා කිරීමට නියමිතව බව වාර්තා විය.