தமிழ்
English
Contact
Thursday 5th August 2021    
ඉන්දියාවේ ඇසෑම්හි භූ කම්පනයක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉන්දියාවේ ඇසෑම්හි භූ කම්පනයක්



ඉන්දියාවේ ඇසෑම් හි රික්ටර් මාපාංක 6.0ක ප්‍රබලත්වයකින් යුතු භූමිකම්පාවක් සිදුව ඇතැයි ඉන්දියාවේ ජාතික භූ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

භූකම්පනය උතුරු බෙංගලයාට සහ උතුරු නැගෙනහිර ප්‍රදේශවලට ද බලපා ඇතැයි ඉන්දීය බලධාරීන් සඳහන් කර තිබේ. එක්සත් ජනපදයේ භූවිද්‍යා සමීක්ෂණ මධ්‍යස්ථානය වාර්තා කරන්නේ මෙම භූකම්පනය දෙකියාජුලි නගරයේ කිලෝමීටර 34 ක පමණ පත්ලේ සිටත්, ඇසෑම් ප්‍රදේශයේ ගුවහාති නගරයේ කිලෝමීටර 140 ක පමණ පත්ලේ සිටත් හට ගෙන ඇති බවයි.

භූකම්පානයෙන් කිසිවකුට අනතුරු සිදු වූ බවක් මෙතෙක් වාර්තා වී නොමැත.

කෙසේ නමුත් භූ කම්පනය හේතුවෙන් බිත්ති සහ ජනේලවලට හානි සිදු වී ඇති අයුරු දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ වී තිබුණු බව ඒවා උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.

ඇසෑමයේ ඇතැම් තැන්වල නිවෙස්වල බිත්ති ඉරි තලා ගොස් ඇතැයි එම මාධ්‍ය වාර්තාවල දැක්විණි.