Posted on 09.22.2018 by Madanayaka in ක්‍රීඩා පුවත් with 0 Comments
ආසියානු ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ඊයේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවත්විනි.
බංග්ලාදේශය හා ඉන්දියාව අතර පැවැති එම තරගය කඩුලු 7 කින් ජය ගැනීමට ඉන්දියානු කණ්ඩායම සමත්විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායමට සිය පන්දුවාර 49 පන්දු එකකදී සියලු දෙනාම දැවී ගිය අතර ලකුණු 157ක් ලබා ගැනීමට සමත්විය.
බංග්ලාදේශ ඉනිම තුලදී කිසිදු පිතිකරුවකුට ස්ථාවර ඉනිමක් ගොඩනැගීමට ඉන්දීය පන්දුයවන්නන් කිසිදු ඉඩක් ලබා නොදුන්හ.
ඉන්දීය කන්ඩායමට සිය ජයග්‍රහණය සඳහා ලකුණු 174 ක පහසු ඉලක්කය ඉන්දීය පිතිකරුවන් තිදෙනෙකු පමණක් දැවී ලබා ගැනීමට සමත්විය. ඉන්දීය කණ්ඩායම පන්දුවාර 36යි පන්දු 2 කදී කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 174 ලබා ගැනීඹට සමත්විය.
ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්වියග
ඉන්දීය නායක රෝහිත් ශර්මා නොදැවී පන්දු 104 කදී ලකුණු 83 ක් රැස්කිරීමට සමත්වූ අතර ශීකර් ධවාන් ලකුණු 40ක්ද, මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 33ක් ලබා ගනිමින් ජයග්‍රහණය කරා ඉන්දීය කණ්ඩායම රැගෙන ගියේය.