தமிழ்
English
Contact
Friday 14th August 2020    
ඉන්දියාව දින 21ට සම්පූර්ණයෙන් වසා දමයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉන්දියාව දින 21ට සම්පූර්ණයෙන් වසා දමයි



ඉන්දියාව ද ‘ටෝටල් ලොක්ඩවුන්’ හෙවත් රට සම්පූර්ණයෙන් වසා දැමීමේ ක්‍රියාමාර්ගය අනුගමනය කරන බව එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (24) ප්‍රකාශ කළේය.

ඒ අනුව අද (24) මධ්‍යම රාත්‍රියේ සිට දින 21ක් දක්වා ඉන්දියාවේ කටයුතු සියල්ල නවතා දමන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.

අනුගමනය කරනවා. ‘ටෝටල් ලොක්ඩුවන්’ ක්‍රියාමාර්ගයකට අපි යනවා’’ යැයි රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේය.

බිලියන 1.3කට වැඩි පිරිසක් සිටින ඉන්දියාව ලොව විශාලතම ජනගහනයට හිමිකම් කියන රටයි.

මැයි මස මැද භාගය වන විට ඉන්දියාවේ මිලියනයකට අධික පිරිසකට කොරෝනා වයිරසය ආසාදනය විය හැකි බවට අනතුරු අඟවා තිබේ.

ඉන්දියාව විසින් කොරොන වයිරස් රෝගීන් 482 ක් සොයාගෙන ඇති අතර පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තිබේ. මීට පෙර ඉතා කුඩා නගරවල පමණක් වාර්තා වූ කොරෝනා වයිරසය ඉන්දියාවේ විශාල නගර වෙටද පැතිර යමින් තිබෙන බව වාර්තා වේ.