Posted on 02.16.2021 by Chandana Sirimalwatte in විදෙස් පුවත් with 0 Comments
ලොව සිටින න්‍යෂ්ටික බලයෙන් යුත් රටවල් කිහිපයකින් එකක්වන ඉන්දියාව නැවත අධිවේගී මිසයිල තාක්ෂණය අත්හදා බලා ඇත.
ගුවනේදී ප්‍රහාරක යානා විසින් මුදා හැර කිලෝමීටර් 160ක් දුරින් වුවද පිහිටිය හැකි සතුරු ගුවන් යානාවලට හෝ ගොඩබිම් ඉලක්කයකට මෙම මිසයිල ප්‍රහාරය සාර්ථකව එල්ල කළ හැකි බව ඉන්දිය මාධය අනාවරණය කරයි.
මෙතෙක් අධිවේගී මිසයිල තාක්ෂණය ඇති රටවල් යැයි පැවැසුණේ ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව සහ චීනය පමණි.ඉන්දියාව අද, එනම් සඳුඳා අධිවේගී මිසයිල තාක්ෂණය සම්බන්ධයෙන් තවත් අත්හදා බැලීමක් කරනු ඇතැයි ද එරට මාධ්‍ය වාර්තාවල දැක්විණි. නව තාක්ෂණය සාර්ථකව අත්හදා බැලූ බව සඳහන් කරමින් ඉන්දියාවේ ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන ආයතනය මෙන්ම එරට ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං ට්විටර් පණිවුඩ නිකුත් කර තිබිණි.
අධිවේගී මිසයිල තාක්ෂණයේ ඇති තර්ජනය තේරුම් ගනිමින් ඇමෙරිකා එක්සත් ජනපදය මෙම අධිවේගී මිසයිල තාක්ෂණයට ප්‍රති පියවරක් ලෙස අභ්‍යවකාශ ස්ථර සංවේදී තාක්ෂණයක් හඳුන්වා දුන්නේ ය.
සති කිහිපයකට පෙර ඉන්දියාව විසින් අකාෂ් නමැති නව මිසයිලයක් අඩිෂා වෙරළ තීරයේදී අත්හදා බලන ලදී. මෙ අතර අසල්වැසි පාකිස්තානයද දින කිහිපයකට පෙර බැලස්ටික් මිසයිල අත්හදා බැලිමක් සිදුකර ඇත.
කලාපය තුළ මෙවැනි යුද සූදානම්වීම් සාමය පිණිස නොව වඩාත් සාමය කඩකරන දිශාවකට යොමුකර ඇත.