தமிழ்
English
Contact
Saturday 23rd March 2019    
ඉන්දිය කම්කරු පිරිසක් මාස 2ක් තිස්සේ වැටුප් නොගෙවා රදවාගෙන! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉන්දිය කම්කරු පිරිසක් මාස 2ක් තිස්සේ වැටුප් නොගෙවා රදවාගෙන!



ඉන්දියන් ජාතික කම්කරු පිරිසක් මෙරටට ගෙනැවිත් නිසි පහසුකම් නොමැතිව ගලේවෙල, කටුපොත ප්‍රදේශයේ නවාතැන් ලබාදී තිබෙන අතරතුර මාධ්‍යෙව්දියකුට ඔවුන් හමු වී තිබේ.

ඔවුන් ඉන්දීය කොන්ත‍්‍රාත් සමාගමක් විසින් ඉන්දියාවේ සිට මෙහි ගෙනැවිත් තිබෙන්නේ රැකියා දෙන බව පවසමිනි. මෙසේ 30 දෙනකු පමණ ලංකාවට ගෙන්වාගෙන මාස 02ක් පමණ තිස්සේ රැකියා කළද ඔවුන්ට වැටුප් ගෙවා නොමැත. මෙම සේවකයන්ට අවශ්‍ය ආහාර හෝ ජලවැනි මූලික අවශ්‍යතා පවා නිසි ලෙස නොමැතිව නිවසක රඳවාගෙන සිටින බැවින් වැටුප් නැතත් හැකි ඉක්මණින් තමන්ව මව් රටට පිටත් කරන ලෙස මෙම ඉන්දීය ජාතිකයන් ශ‍්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව අනාවරණය විය.