தமிழ்
English
Contact
Wednesday 23rd May 2018    
ඉන්දීය කණ්ඩායමෙන් ස්ථාවර ආරම්භයක් | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉන්දීය කණ්ඩායමෙන් ස්ථාවර ආරම්භයක්



ඊයේ දිනයේ ආරම්භ වූ තෙවන ටෙස්ට් තරගයට ඉන්දීය කණ්ඩායමෙන් ශක්තිමත් ආරම්භයක් ගැනීමට දිනය අවසානයේ සමත් විය.

ඒ සදහා ඉන්දීය නායක විරාට් කොලි හා මුරලි විජේ එක්ව තෙවැනි කඩුල්ල සදහා ලකුණු 283ක සම්බන්ධතාවය නිසා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දිල්ලියේ ඊයේ ආරම්භවූ තෙවන ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට ඉන්දීය කණ්ඩායම ප්‍රබල තත්වයක පසුවිය. අද දෙවන දිනයයයි.

 මේ වනවිට පන්දුවට පහර දෙන ක්‍රීඩකයින් වන්නේ විරාට් කොලි නොදැවී ලකුණු 156ක් ලබාගෙන සිටින අතර රෝහිත් ෂර්මා නොදැවී ලකුනු 06ක් ලබාගෙන සිටී.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු යවන්නන් අතරින් යම් කිසි පීඩනයක් ඉන්දීය ක්‍රීඩකයින්ට ලබා දෙනු ලැබූ ක්‍රීඩකයා බවට පත්වූයේ ලක්ෂාන් සදකැන් පමණි. ඔහු පන්දු වාර 23ක් යවමින් ලකුණු 110කට කුඩුලු දෙකක් ලබා ගැනීමට සමත්විය.

ඊයේ දිනයේ සෙසු පන්දු යවන්නන් අතරින් එක් කඩුල්ල බැගින් ලබා ගැනීමට ළහිරු ගමගේ හා ඩිල්රුවන් පෙරේරා සමත්විය. සුරංග ලක්මාල් හා ධනංජය සිල්වාට කිසිදු කඩුල්ලක් ලබා ගැනීමට නොහැකි විය.




Related News