தமிழ்
English
Contact
Tuesday 22nd May 2018    
ඉන්දීය ප්‍රවීන නඵ ශෂී කපූර් මියයයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ඉන්දීය ප්‍රවීන නඵ ශෂී කපූර් මියයයි



ඉන්දීය සිනමාවේ දශක කිහිපයක් තිස්සේ ප්‍රතිභාපූර්ණ රංගධරයකු ලෙස කටයුතු කළ ශෂී කපූර් පසුගිය 03වැනි  දින හදිසියේ හටගත් හෘද රෝගී තත්වයක් හේතුවෙන් කල්කටා රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස්  ඇත.

රෝහල් ගත කිරීමෙන් දිනකට පසු ප්‍රතිකාර ලබමින් සිටියදී හදිසියේම ශෂී කපූර් මිය ගියේය. ඉන්දිය සිනමා කර්මාන්තයේ ඉහළින්ම සිටින කපූර් පවුලේ මුල් පෙලේ සාමාජිකයකු වේ.

2015 වසරේ ඉන්දීය රජය විසින් ඔහුව පද්ම භූෂණ සම්මාණයෙන් පුදුනු ලැබීය. එම සම්මානය ඉන්දීය ජනරජය විසින් යම් කෙනෙකුට සිය රටවෙනුවෙන් පිරිනමනු ලබන තෙවන උසස්ම සම්මානයද වේ.

බටහිර බෙංගාලයේ උපත ලද ශෂී කපූර් රංගන ශිල්පියකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයක හා චිත්‍රපට නිෂ්පාදකයකු ලෙස බොලිවුඩ් සිනමාවේ සිය සලකුණු ඉහළින්ම තබා ඇත. හොලිවුඩ් සිනමාවේ හා බ්‍රිතාන්‍ය චිත්‍රපට පටවල රගපාන ලද ප්‍රථම ඉන්දියානු රංගදරයා වන්නේද ඔහුය.

1970 සිට 1980 දක්වා කාලය තුල ඉන්දීය සිනමාවේ ඉහළම ජනප්‍රියතාවය ලබා ගත් මෙම රංගවේදියාගේ සිනමා දායකත්වය වටහා ගැනීමට පහත සදහන් චිත්‍රපට ප්‍රමාණවත් වේ. ඔහු රගපෑ අතිශයින්ම ජනප්‍රිය චිත්‍රපට ප්‍රමාණය අතරින් දීවාර්, ජම් ජම් පුල් කිළේ, කළියුග්, ජුහුන්, සත්‍යයම් සිවම් සුන්දරම්, චෝර් මමසේ පෙර්, තීෂුල්,  සුගාන්ශාන්, ධර්ම පුත්‍ර,  ලජ ගාල් ලාග් ජා, කබී කබී, විජේටා, නමක් හලාල්, සිල්සිලා යන සිනමා පටයන්ගෙන් වුවත් ඔහුගේ රංග ප්‍රතිභාව හදුනා ගත හැක.

70-80 යන දශකයනහිදී ඉන්දීය සිනමාවේ දෙවෙනියට වැඩිම මුදලක් අයකරන නළුවා ලෙස ශෂී කපූර් පත්ව සිටි බව වාර්තාවේ.

ශෂී කපූ අභාවය පිළිබදව බී.බී.සී රූපවාහිනී සේවය විසින් සදුදා දින විකාශය කළ වැඩ සටහනකදී ශෂී කපූර් වෙනුවට  රීෂී කපූර් හා අමිතාබ්චන්ගේ වීඩියෝ පටක් විකාශනය කිරීමන් පසුව ලොව පුරා මෙම වැඩ සටහනට දොර්ෂාරෝපණය එල්ලවී ඇති අතර පසුව බී.බී.සී ආයතනය තමන් අතින් සිදුවූ වැරද්ද පිළීගෙන ශෂී කපූර් පවුලෙන් සමාව ඇයැද තිබේ. එම බී.බී.සී වැඩ සටහන මෙහෙයෙවූ හව් එඩ්වඩ්ද සිය අතපසුවීඹ පිළිබදව සමාව ඇයද තිබේ.

කෙසේ වෙතත් බොලිවුඩ්හි දශක කිහිපයක අතිශ්‍ය ජනප්‍රිය නළුවක් ලෙස ලොව පුරා සිනමා ලෝලීන්ගේ ආකර්ශන දිනාගත් මෙම රංගන ශිල්පියා පිළිබදව නිසි ලෙස හදුනා ගැනීමක් නොමැතිව බී.බී.සී  ආයතනය විකාශනය කරන ලද වීඩියෝ පටය මහත් ආන්දොලනයක් ඇතිකර තිබේ.




Related News